English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රගීත්ගේ නඩුවත් විශේෂ ති‍්‍රපුද්ගල මහධිකරණය වෙත!


ප‍්‍රගීත්ගේ නඩුවත් විශේෂ ති‍්‍රපුද්ගල මහධිකරණය වෙත!

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීමේ නඩුවේ සියලූ විමර්ශන අවසන් බැවින් එම නඩුව කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහධිකරණය වෙත යොමු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (09) දින හෝමාගම මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේශ රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන අතුරුදහන් කිරිමේ සිද්ධිය පිළිබදව විමර්ශන සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණය ඉදිරියේ දන්වා සිටියේ මෙම නඩුවේ විමර්ශන අවසන් කර තිබෙන නිසා එම සම්පුර්ණ නඩු ගොනුව කොළඹ ත‍්‍රිපුද්ගල මහධිකරණයට යොමු කරන ලෙස දන්වා ඇති බවයි. එහිදි සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනුකර ත‍්‍රිපුද්ගල මහධිකරණයේ නඩු පැවරෙන බවද කියා සිටියේය.

මෙදින මෙම නඩුවේ සැකකරුවන් වු යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් 12 නා අධිකරණයේ පෙනි සිටියහ.මේ සම්බන්ධ නඩුව නොවැම්බර් 28 වෙනි දිනට කල් තැබුණි. ඉකුත් මාසයේදි නීතිපතිවරයා විසින් මෙම නඩුව ඇතුලු සමාජ ආන්දෝලනයට තුඩු දුන් නඩු වාර්තා හයක තොරතුරු වැඩබලන පොලිස්පතිවරයාගෙන් කැදවා තිබුණි.





2019-09-11
Advertisement

Find us on Facebook