English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රෙද්දෙ යහපාලනේ, මෙන්න තෙවරප්පෙරුමත් ඇතුලේ...


රෙද්දෙ යහපාලනේ, මෙන්න තෙවරප්පෙරුමත් ඇතුලේ...

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධව නීයෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබීය. අධිකරණ නියෝග නොතකා දමිළ ජාතික වතු කම්කරුවෙකුගේ දේහයක් පුද්ගලික සුසාන භුමියක මිහිදන් කිරීමට කටයුතු කිරීමත්, පොලිස් රාජකාරියට බාදා කිරීම හා අයුතු ජනරාශිය ඔහුට විරුද්ධව තිබූ චෝදනාවන්ය.

මෙම සිද්ධිය සම්බන්ධව විද්යුත් මාධ්‍ය හරහා ඊයේ විශාල ප‍්‍රචාරයක් ලබාදෙනු ලැබූ අතර, නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණ භූමියේ ඇති සුලූ ඉඩකඩක වැතිරී නිදා සිටිනා අයුරිත්, නියෝගයන් පසුව බන්ධනාගාර බස්රථයේ නැගී අධිකරණ භූමියෙන් පිටව යන අයුරුත් ප‍්‍රධාන විද්යුත් මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරනු ලැබීය. රැදවුම් නියෝගයෙන් පසුව බන්ධානාගාර බස් රථයේ නැගී පිටව යන තෙවරප්පෙරුම මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්ණයකට තනි වචනයෙන්  පිළිතුරු ලබා දුන් තෙවරප්පෙරුම මහතා කියා සිටියේ... යහපාලනේ... කියාය

ඔහු ප‍්‍රකාශ කළ එම වචනයේ යට ඇරුත බොහෝ විට අම්මගෙ රෙද්දෙ යහපාලනේ, .. අපි ඇමතිවරු වුනාට අසරණයෙකුගෙ මිනියක් වත් වලදමන්න නිදහසක්වත අපිට නැහැ.., වැන්නක් විය හැක. මෙහි දී ජාතික සමගිය හා සංහිදියාව ගැන හා වතු කම්කරු අයිතිවාසිකම් පිළිබදව කතා කරන අයටත්, පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඡන්ද දායකයින්ට ඔහු කළ කි‍්‍රයාව යම් කිසි වීර කි‍්‍රයාවක් ලෙස ද අරථනිරූපනය කළ හැක.

මෙවැනිම වීර කි‍්‍රයාවන් මින් පෙර ද අවස්ථා කිහිපයක දී සිදු වූ අතර, යහපාලන ආණ්ඩුවේ සිටි තවත් මන්තී‍්‍රවරයෙකු වූ ආනන්ද අලූත්ගමගේ මහතා විසින් තම ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ඉවත්කර දෙන ලෙස ඉල්ලා මහපාරේ දින කිහිපයක් නිදා ගනිමින් මාරාන්තික උපවාසයක් අරඹනු ලැබීය. නමුත් එය ඉටු නොවු තැන ඔහු ද යහපාලන ආණ්ඩුව පතුරු හරිමින් සිට පසුව ඔහු සිටි පක්ෂය මාරුකර පොහොට්ටු පක්ෂය වෙත හදිසි මාරුවක් හදා ගන්නා ලදී.

ජනකාන්ත නලූ රංජන් රාමණායක නියෝජ්‍ය ඇමතිවරයාට ද අධිකරණයට හා වෙනත් පුද්ගලයන් සම්බන්ධව මාධ්‍ය හරහා කරනු ලැබූ විවිධ ප‍්‍රකාශයන් නිසා ඔහුට විරුද්ධ නඩු තිස්ගනන් මේ වන විට ගොනු වී ඇති බව ඔහු පවසයි. මේ අතරින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ඊයේ පැවති අතර, එහි දී ඔහු ප‍්‍රකාශ ඇත්තේ විනිසුරුවන් නොව නීතිඥවරුන් දුෂිත බව ඔහු ප‍්‍රකාශ කිරීමට උවමනා වුවත් එහි දී නීතිඥවරු වෙනුවට විනිසුරුවන් කියන වචනය වැරදී භාවිතා වූ බවයි.

පාලිත තෙවරප්පෙරුම, ආනන්ද අලූත්ගමගේ, රංජන් රාමණායක ඇතුලූ යහපාලන ආණ්ඩුවේ සිටි හා තවමත් සිටින සමහර මැති ඇමතිවරුන්ටත් නොතේරෙන, මේ රටේ සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය බලාපොරොත්තු වූ බහුතර ජනතාවක් විසින් පාර්ථනය කළ, රාජපක්ෂ රේජීමයට වහ කදුරුවන යහපාලන රාජ්‍යයක් වෙත පිය නැගීමේ පෙර ලකුණු මෙම සිද්ධීන් හා දින 52 කේ කුමන්ත්‍රණයට ඒරෙහිව ගනු ලැබූ පියවරයන් හරහා අපට ප‍්‍රදර්ශණය නොවන්නේ ද?




2019-09-11
Advertisement

Find us on Facebook