English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට අගමැති නැවතත් කැඳවයි


වර්තමාන පාලනයේ දූෂණ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති ජනාධිපති කොමිසම ඉදිරියට වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) කැඳවීමට එම කොමිසම කටයුතු කර තිබේ. ඒ සඳහා අදාළ සිතාසි මේ වන විටත් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට කොමිසම කටයුතු කර තිබේ.

අගමැතිවරයාව මෙලෙස කැඳවන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ඩී.පී.ඒ ජයසිංහ සහ සමාගමෙන් එකී සමාගමට අයත් ඩී.පී.ඒ ජයසිංහ ගොඩනැගිල්ල බදු ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය. ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ ගොඩනැගිල්ල ලෙස මෙය ජනප්‍රියත්වයට ලක් වී තිබුණි.

මීට පෙර මෙම බදු ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන්ද මෙම කොමිසම දීර්ඝ ලෙස කරුණු විමසා තිබුණි.
රටේ දෙවන ඉහළම නිලය දරණ 19වන සංශෝධනය හා පාර්ලිමේන්තු බලය මගින් මීට පෙර විධායක ජනාධිපතිවරුන්ට වඩා ඉහළ බලතල සතු අගමැතිවරයා මෙලෙස කොමිෂන් සභා මගින් කැඳවීමත් ඒ සඳහා පැකිලීමකින් තොරව අගමැතිවරයා ඉදිරිපත් වීමත් යහපාලනය පැතූ මිනිසුන්ගේ ජයග්‍රහණයකි. මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අගමැතිවරයා කැඳවා තිබුණු අතර අගමැතිවරයා එයට සහභාගී වී කමිටු සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලදී. ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධ ජනධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙතද අගමැතිවරයාව මීට පෙර කැඳවා තිබුණු අතර එයටද ඔහු සහභාගී වී ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන ලදී.

බලයේ සිටින රටේ ඉහළම දේශපාලන නායකයන්ද ඉහළ පෙළේ රජයේ නිලධාරීන්ද බලයේ සිටියදීම මෙලෙස ප්‍රශ්න කිරීමට හැකි වීම හා එසේ කැඳවීමට කොමිෂන් සභාවලට බලයක් තිබීමද යහපාලනය ස්ථාපිත කිරීමේ අරගලයේ වැදගත් පියවරයන් බන දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
 



2019-09-11
Advertisement

Find us on Facebook