English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විධායක බලය අනිසි ලෙස පාවිච්චි නොකරන බැව් කියු - මෛත්‍රී


විධායක බලය අනිසි ලෙස පාවිච්චි නොකරන බැව් කියු - මෛත්‍රී

මෙතෙක් කලක් ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති රූපවාහීනි සංස්ථාව ඉන් ඉවත් කර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත් බවට  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ සිට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විධායක බලතල අනිසි ලෙස පාවිච්චි නොකරන බවට පොරොන්දු දෙමින් පැමිණ නව ජනාධිපතිවරයා එම පොරොන්දු තඹයකට මායිම් නොකරමින් අත්තනෝමතිකව සිදු කළ මෙම කි‍්‍රයාව යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීමට දායක වූ සියලූම දෙනාගේම දැඩි අප‍්‍රසාදයට හේතු වී තිබේ.

ජානාධිපතිවරණයක් අභියස ජනාධිපතිවරයා විසින් රජයේ ප‍්‍රධානතම මාධ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් තමන් යටත ගැනීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවන ඡන්ද දායකයින් යම් තිගැස්සීමකට ලක් කර තිබේ.

ඉකුත් කාලය පුරාවටම රූපවාහීනි සංස්ථාවේ සභාපතිධුරය හා පරිපාලන ගැටලූ රැුසක් සම්බන්ධයෙන් ගැටලූ කිහිපයක් පැන නැගි තිබුණි. එහිදි බොහෝ දෙනෙක් සභාපතිනිය වු ඉනෝකා සත්‍යාංගනී මහත්මියට චෝදනා එල්ල කර සිටියේ ඇයගේ පරිපාලනය දුර්වල බවටය. මංගල සමරවීර අමාත්‍යවරයාගේන් පසු ජනමාධ්‍ය කැබිනට් නොවන අමත්‍යධුරයට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කෙරුණි. ඒ ඉකුත් ජුලි මාසයේදිය. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට අනුව ඉනෝකා සත්‍යාංගනී මහත්මිය යටතේ පැවති අවදියේ රූපවාහිනිය දැඩි ලෙස අලාභ ලබන තත්ත්වයකට පත් වී තිබු අතර රූපවාහිනි සේවකයන්ගේ වැටුප් ගෙවීම සදහා මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක් භාණ්ඩාගාරය මගින් ලබා දිමට සිදු වි තිබුණි.

මෙම තත්ත්වය තුල රූපවාහිනි සංස්ථාවේ කළමණාකාරීත්වය වෙනස් කරමින් නව සභාපතිවරයෙක් ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පත් කළේය. නමුත් එහිදි රූපවාහීනි සංස්ථාවේ සභාපතිධුරය ඔහුට දීමට ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඉඩ දුන්නේ නැත. ඇය දිගටම රූපවාහිනියේ නිල රාජකාරි වල යෙදුණේ ජනාධිපතිවරයාගේ සහායෙනි.

මේ අකාරයට රූපවාහිනිය දිනෙන් දින අගාධයට රැගෙන යමින් සිටි පාලනාධිකාරිය වෙසන් කිරිමට අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ගත් සියලූ උත්සහයන්ට ජනාධිපතිවරයා සහාය නොදක්වා ඉනෝකා සත්‍යාංගනීට සිය තනතුරේ රැදි සිටිමට ඉඩ හරින ලදි.

මේ අතර නැවත වරක් එහි සභාපතිධුරයට රූපවාහීනි සංස්ථාවේ හිටපු නිෂ්පාදකවරයෙකු වු කැලූම් පාලිත මහීරත්න මහතාව පත් කෙරුණි. ඒ මහතා ඉකුත් 6 දා වැඩ භාර ගැනීමට රූපවාහීනියට පැමිණියද ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඊට ඉඩ නොදුන්නාය. ඇය එදින සිය නිල කාමරයේ රැදි සිටිමින් සවස 5.00 පමණ වනතුරු රැදි සිටියාය.

එසේ දුර්වල පාලනාධිකාරියට සහාය දක්වමින් සිට රූපවාහිනියට ඇති වී තිබෙන ඛේදජනක තත්ත්වය පාවිච්චි කරමින් තමන්ගේ සම්පුර්ණ බලය ඇති ආරක්ෂක අමාත්‍යාංශය වෙත ජනාධිපතිවරයා රූපවාහිනිය පවරා ගැනීමට කටයුතු කරන ලදි.

රජයේ විද්‍යුත් නාලිකාවක් ජනාධිපතිවරයා යටතට පවරා ගැණුනු ප‍්‍රථම අවස්ථාව මෙය නොවන අතර 2003 වසරේ නොවැම්බර් 05 වෙනිදා ද එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින්ද ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුලූ අමාත්‍යාංශ තුනක් ඇය යටතට පවරා ගත්තාය.

මාධවී





2019-09-10
Advertisement

Find us on Facebook