English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තත්. 40කට වරක් එක් අයකු සිය දිවි නසා ගනී. සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අද


ලෝක සියදිවිනසාගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අද එනම් සැප්තැම්බර් 10 දිනට යෙදී තිබේ. සියදිවි නසා ගැනීම් ලෝක පරිමාණයෙන්ම බරපතළ ප්‍රශ්නයක් වී ඇති අතර සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය ශ්‍රී ලංකාවේද ඉතා ඉහල අගයක් ගනී. සිය දිවි නසා ගැනීම් වැළැක්වීමට එක්ව වැඩ කරමු” (Working Together to Prevent Suicide) යන තේමාව යටතේ මෙවර ලෝක සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සමරයි.

ලෝකය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව වසරකට ලෝකයේ 800,000 ක පමණ පිරිසක් සියදිවි නසා ගැනීම් තුළින් මිය යයි. ඒ අනුව තත්පර 40කට වරක් එක් පුද්ගලයෙක් ලෝකය තුළ සිය දිවි නසා ගැනීම මගින් සිය ජීවිතය අහිමි කර ගනී. ඒ අනුව සියදිවි නසා ගැනීම අද වන විට ලොකයේම අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් දක්වන්නේ සිය දිවි නසා ගන්නා පුද්ගලයෙකු 20 වතාවකට වැඩි වාර ගණනක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි. ඒ අනුව නිසි අවධානය යොමු කිරීමෙන් හා නිසි මානසික වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවා සඳහා යොමු කිරීමෙන් මෙම ප්‍රහ්නයට විසඳුම් දිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

ශ්‍රී ලංකාව

සිය දිවි නසා ගැනීම් ප්‍රමාණය ගත් කල ශ්‍රී ලංකාවේ තත්වයද ඉතාම කණගාටුදායකයි. වර්ෂයකට 3000- 4000 අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් තුළින් ජීවිතය අහිමි කර ගනී. ඒ අනුව දිනකට සිය දිවි නසා ගන්නා ප්‍රමාණය ශ්‍රී ලංකාවේද ඉහළ අගයක් ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පසුගිය වසරේ (2008) වාර්තාව අනුව සංඛ්‍යාත්මකව ගත් කල එම වසරේ ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් ප්‍රමාණය 3099කි. සංඛ්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාව 13 වන ස්ථානයේ පසුවෙයි. එය ඉතාම කණගාටුදායක තත්වයකි. ලෝකයේ දෙවන විශාලතම ජනගහනය හිමි ඉන්දියාව එහි පළමු ස්ථානයේ පසුවන අතර ඔවුන්ගේ පසුගිය වසරේ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව 220,481කි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දිවි නාසා ගැනීම් ප්‍රමාණය අනුව රටවල්වල ශ්‍රේණිගත කිරිම තීරණය කරන්නේ ජනගහනයේ ලක්ෂයකට සියදිවි නසා ගැනීම් ප්‍රමාණය අනුපාතිකව මැන බැලීමෙනි. ඒ අනුව පසුගිය වසරේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමි වන්නේ 29වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂයකට සිය දිවි නසා ගැනීමේ අනුපාතය 14.6ක් වන අතර පුරුෂ ජනගහනයේ එම තත්වය 23.5ක්ද ස්ත්‍රී ජනගහනයේ එම තත්වය 6.4ක් වේ. මෙම වාර්තාවට අනුව වැඩිම සිය දිවි නසා ගැනීම් අනුපාතයට හිමිකම් කියන රට වන්නේ ලිතුවේනියාවයි.

ශ්‍රී ලංකාව තුළද විවිධ හේතු මත සිය දිවි නසා ගැනීම් ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වන අතර ඒ සඳහා පිළීයම් යෙදීමට කටයුතු කිරීම රජයේ මෙන්ම පුරවැසියන්ගේද වගකීමකි. මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රෙයද මානසික උපදේශන ක්ෂේත්‍රයද දියුණු කරමින් ඒවා මහජනයාට සමීප කිරීමත් සිය දිවි නසා ගැනීමකට උත්සහ කල පුද්ගලයන් සම්බන්ධව පොලීසිය මගින් නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට වඩා නම්‍යශීලී ක්‍රමයක් සැකසීම හෝ පොලිස් නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් මිත්‍රශීලී ලෙස ක්‍රීයාත්මක කිරීමට නිසි දැනුම ලබා දීමත් ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙයි.

සටහන : දුලාන් දසනායක

 





2019-09-10
Advertisement

Find us on Facebook