English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය ද ? පාප් ගමන ද ? - 1

ජනාධිපතිවරණය ඇත්තටම කල්දමයිද ?

වර්ථමාන ආණ්ඩුව ලබන වසරේ ජනවාරි මාසයේ දි පැවැත්වීමට සැලසුම්කොට ඇති ජනාධිපතිවරණය මාර්තු මාසය තෙක් කල්දමන්නැයි ආණ්ඩුවේම ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ලංකා ගමන එළඹෙන ජනවාරි මාසයට යෙදීම හේතුකොට ගෙන, එවැනි කාලසීමාවකදි මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු ක‍්‍රියාවක් බැවින් මෙම ඉල්ලිම සිදුකරන්නට සුදානම් වන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

එම කරුණට අමතරව ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව ප‍්‍රචාරක කටයුතු සඳහා ඡන්ද අපේක්‍ෂකයින් හට සැළකිය යුතු කාලසීමාවක් ලබාදිය යුතුව ඇත.

එමෙන්ම, නොවැම්බර් මස 19 වෙනිදා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කොට, 2015 වසරේ ජනවාරි 10 වෙනිදා ඡන්දය පැවැත්වීමට තීරණය කළහොත්, නාමයෝජනා භාරගැනීමට වෙන්කරන දින 14ක කාලසීමාව හැර, ප‍්‍රචාරක කටයුතු සඳහා ලැබෙනුයේ දින 38ක් පමණි.

එහෙත්, ජනාධිපතිවරණයක් පැවැත්වීමේදි එහි ප‍්‍රචාරක කටයුතු සඳහා අවම වශයෙන් දින 45ක් වත් අවශ්‍ය බව ප‍්‍රධාන විපක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය පසුගිය සතියේදි මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ඉල්ලීමක් කරතිබු බවක් ද වාර්තා වෙයි.

මේ සියලූ කරුණු සැලකිල්ලට භාජනය කරමින්, කිසිඳු විශේෂත්වයක් හෝ තදබල අවශ්‍යතාවක් නොමැති ජනාධිපතිවරණය කල් දමා අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ගමනට බාධා නොකර, එය සැලැසුම්කර ඇති දිනවලදීම එනම් 2015 ජනවාරි මස 13,14 සහ 15 යන දිනවලදී සිදුකිරීමට අවශ්‍ය සාමකාමි සහ ආරක්‍ෂාකාරි වාතාවරණය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් ලබාදෙනු ඇත් ද ?

Photos - Colombo Page
-MMP




2014-10-04
Advertisement

Find us on Facebook