English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික ආරක්ෂාව බිංදුවට වැටුනේ ජාතීන් අතර සංහිඳියාව ඇති නොකළ නිසයි - ගාමිණී වියන්ගොඩ


ජාතික ආරක්ෂාව බිංදුවට වැටුනේ ජාතීන් අතර සංහිඳියාව ඇති නොකළ නිසයි - ගාමිණී වියන්ගොඩ

මෙවර ජනාධිපතිවරණ උණුසුම ඇතුලේ දේශපාලනික ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහා  “ජාතික ආරක්ෂාව” පාවිච්චි කරනවා. පාස්කු ප්‍රහාරය මෙහි තීරණාත්මක සිද්දියක්. එයින් පසුව තමයි මේ ජාතික ආරක්ෂාව කියන එක අපේ කථිකාවේ මුදුනට පැමිණියේ. 2009 දී LTTE සංවිධානය යුදමය වශයෙන් පරාජය කළායින් පසු යට ගිහින් තිබූ මේ මාතෘකාව දැන් කව්රුත් කතා කරන්න පටන් අරන්. ඒ නිසාම මේ කියන “ජාතික ආරක්ෂාව” රැක දිය හැකි එකම සුදුස්සා ජනාධිපති වශයෙන් පත් කර ගත යුතු යැයි කියන මතයක් ගොඩනගමින් තිබෙනවා.

ලංකාව වැනි විවිධ ජාතීන් ජීවත් වෙන, විවිධ ආගම් අදහන රටක ජාතික ආරක්ෂාව කෙලින්ම සම්බන්ධ වන්නේ ඒ රටේ විවිධ ප්‍රජාවන් අතර තිබෙන සහසම්බන්ධතාවේ ස්වරුපයටයි. ලංකාවේ ගතහොත් සිංහල, දෙමල සහ මුස්ලිම් කියන ප්‍රජාවන් අතර තිබෙන සම්බන්ධය කොයි වගේද කියන එක උඩ තමයි ලංකාවේ ජාතික ආරක්ෂාව කියන ප්‍රශ්නය තීන්දු වන්නේ

අපි අවරුදු 30 කට ආසන්න කාලයක් යුද්ධ කරගත්තේ,  ජාතික ආරක්ෂාව බිංදුවට වැටුනේ ඔය කියන ජාතීන් අතරේ සහයෝගීතාවය හා සංහිඳියාව කියන දේ අපට ඇතිකරගත නොහැකි වූ නිසයි. මින් මතුවටත් ලංකාවට ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය පැන නගින්න පුළුවන් ප්‍රධාන මුලාශ්‍රය වන්නේද එයමයි.

පසුගිය 06 වනදා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ මහතා මේ අදහස් පළකළේය..




2019-09-09
Advertisement

Find us on Facebook