English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විදේශිකයින් 678 ක් මෙරටින් පිටුවහල් කරයි


විවිධ හේතූන් මත මෙරටට පැමිණි සැක සහිත විදේශිකයින් 1548 ක් විමර්ශනය කිරිමෙන් අනතුරුව 678 කු ඉකුත් වසරේදි මෙරටින් ඉවත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

1948 අංක 20 දරණ ආගමික හා විගාමික පනත හා ඒ යටතේ පනවන ලද 1956 ආගමන විගමන රෙගුලාසි සහ ජාත්‍යන්තර නීති වලට අනුකූල වන පරිදි ශ‍්‍රි ලංකාවට ඇතුලූ වන හා එහි රැදි සිටින විදේශිකයන්ගේ ක‍්‍රියාකාරම් අධික්ෂණය කිරිම, නීති උල්ලංඝනය කරමින් සිටින විදේශිකයින් නිරික්ෂණය කර අත්අඩංගුවට ගැනීම, රදවා තබා ගැනිම, රටින් ඉවත් කිරිම හෝ රටින් පිටුවහල් කිරිම ස`දහා අවශ්‍ය විමර්ශන කටයුතු මෙහෙයවීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව විසින් සිදු කරනු ලබයි.

ඒ අනුව වීසා කාලය ඉක්මවා රැදී සිටිම, සංචාරක වීසාවක සිටිමින් මෙරට රැුකියාවක යෙදීම, අධිකරණ නියෝග අනුව විදේශිකයින් 1548 ක් පිලිබ`ද විමර්ශනය කර 678 කු මෙරටින් ඉවත් කිරිමට කටයුතු කර තිබේ. මින් වැඩිම සංඛ්‍යාවක් ඉවත් කර ඇත්තේ මාර්තු මාසයේදිය.

එමෙන්ම ඉකුත් වසරේදි මිරිහාන රැදවුම් කදවුරේ සිටි විදේශියින් 246 කු මෙරටින් ඉවත් කර තිබේ. තවද ශ‍්‍රි ලංකාවේ සරණගාත තත්ත්වය ඉකුත් වසරේ විදේශිකයින් 742 කු අපේක්ෂාවෙන් සිට ඇති බවත් 800 කු සරණගාත තත්ත්වය ලබමින් මෙරට විසු බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ ස`දහන් වේ. ඉන් වැඩිම පිරිස පාකිස්ථානයේ සරණගාතයින් පිරිසකි.

-මාධවී-





2019-09-07
Advertisement

Find us on Facebook