English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මිලියන 134 අදික බැංකු ගිණුම් 100ක් අත් හිටුවයි!


පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මිලියන 134 අදික බැංකු ගිණුම් 100ක් අත් හිටුවයි!

පාස්කු ඉරුදින සිදු වු ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට සැකකාර පුද්ගලයින් 293 ක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සැකපිට  පුද්ගලයින් 178 කු රැඳවුම් නියෝග යටතේ තබාගෙන විමර්ශනය කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 115 කු රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවද ඔහු පවසයි.කොච්චිකඬේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරී ගිය බෝම්බයෙන් තුවාල ලැබු 81 කු ගේ ප්‍රකාශ මේ වනවිට ලබාගෙන ඇති අතර තවත් තුවාල ලැබු පුද්ගලයින් 07  කුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවත් ඔවුන්ගේ ලිපිනයන් නිශ්චිතවම සම්බන්ධ කර ගැනීමට නොහැකි වීමෙන් එම කටයුතු නොහැකි වි තිබෙන බවද ඔහු පවසයි.එහෙයින් තුවාල ලබා මෙතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් පුද්ගලයෙක් වේ නම් 011-2392900 යන දුරකථන අංකය ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට සම්බන්ධ වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ වන විට ත්‍රස්තවාදි ක්‍රියාවන්ට සම්බන්ධ වී සිටි පුද්ගලයින් 41 කුගේ රුපියල් මිලියන 134 කට අධික මුදල් සහිත බැංකු ගිණුම් 100 ක ක්‍රියාකාරීත්වය අත්හිටුවා ඇති බවද සඳහන් කළේය. එමෙන්ම රුපියල් මිලියන 20 කට අධික මුදලක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.

එසේම තවත් රුපියල් බිලියන 6 කට අධික වත්කම් රැසක් පිලිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර ඒවා තහනම් කිරිමට පියවර ගෙන සිටිමින් ඇති බවත් ඔහු පැවසුවේය.

අත්අඩංගුවට පත් වු සැකකරුවන්ගේ දුරකථන අංක 2919 ක් හා එමි අංක 169 ක් ඔස්සේ විමර්ශනය කෙරෙන බවත් ඉන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (05) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

-ශානිකා මාධවී-




2019-09-05
Advertisement

Find us on Facebook