English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විදේශිකයින් 1113 ක් පිටුවහල් කෙරේ.


විදේශිකයින් 1113 ක් පිටුවහල් කෙරේ.

ඉකුත් වසරේදී නීතී විරෝධී ලෙස මෙරටට ඇතුල් වීමට උත්සහ කළ විදේශිකයින් එක්දහස් එකසිය දහතුන් දෙනෙකුට ඇතුල් වීමට අවසර ලබා නොදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිර්ව්‍යාජ සංචාරකයෙකු නොවීම, ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතය, විධිමත් වීසාවක් ලබා නොතිබිම, මීට පෙර ආගමික හා විගාමික පනත් උල්ලංඝනය කිරීම නිසා මෙරටින් ඉවත් කර තිබීම, අසාදු ලේඛන ගත කිරීම, විද්‍යුත් සංචරණ අනුමැතිය ලබා නොතිබීම, ප්‍රමාණවත් මුදල් නොතිබීම, ආපසු යාමේ ගුවන් ටිකට්පත නොමැති වීම ආදි කරුණු මත මෙම විදේශිකයින්ට මෙරටට ඇතුල් වීමට ලබා දී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තු ලේඛන වලට අනුව නීති විරෝධි ආකාරයට වැඩිම පිරිසක් පැමිණිමට උත්සහ දරා ඇත්තේ පාකිස්ථානයේනි. ඒ 427 කුය. දෙවැනියට සිටින්නේ  ඉන්දියානුවන්ය. ඒ 285 ක් ලෙසිනි.

විදේශිකයින් වැඩිම පිරිසක් මෙරටට ඇතුල් වීමට උත්සහ දරා ඇත්තේ ඉකුත් වසරේ ජනවාරි මාසයේදිය. ඒ 133 කුය.

මේ අතර ඉකුත් වසරේදි විදේශිකයින් 2,548,648 කු මෙරටට ඇතුල් වී තිබේ. ඉන් 1,226,529 ක පිරිසක් පැමිණ ඇත්තේ ආසියාවෙනි.

එසේ පැමිණි විදේශිකයින්ගෙන් ආපසු මෙරටින් පිටව ගොස් ඇත්තේ 2,546,995 කි.

මෙම විදේශිකයින් බොහෝ පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අමතරව කොළඹ හා ගාල්ල වරායන් වලින් බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

-ශානිකා මාධවී-




2019-09-05
Advertisement

Find us on Facebook