English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වෘත්තියට තහහංචියක් !



පසුගිය වසරේ සැප්තැම්බර් (02) අනුරාධපුරයේ දී බලහත්කාරයෙන් පැහැරගෙන යනු ලැබු මධුෂ්ක හරිිෂ්  ද  සිල්වා සොයා ගැනීම වෙනුවෙන්, ඊයේ එනම්  සැප්  02  වෙනිදා පෙරවරුවේ සිට දිවා කාලය තෙක් අනුරාධපුර නව බස්නැවතුම්පොලේදි  දිියත් කළ  මහජන පෙත්සම, පවුලේ ඥාතීන් විසින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දීී නියෝජ්‍ය  පොලිස්පතිවරයාගේ පෞද්ගලික  සහාකාර  අයි  පී සමන්කුමාර මහතා වෙත භාරදුන්  අතර,  එම  අවස්ථාව  ආවරණය කරන්නට ගිය විිිිදෙස්  ජනමාධ්‍යට  අයත්,  ආසියානු පුවත්   සේවයෙහි  ශ‍්‍රී  ලංකා වාර්තාකාරිණිය හට එම  අවස්ථාව  ආවරණය  කරන්නට  නියෝජ්‍ය  පොලිස්පති  කාර්යාලයෙන් අවසර  ලබාදි  නැත.  එහෙත්  අවශ්‍යනම්  කැමරාව  පිළිගැනීමේ  අංශයට  භාරදිි  එම  අවස්ථාවට  සහභාගි  වන්නට හැකි  යැයි  දන්වා  ඇත.

මයුරි  ඉනෝකා සහ නීතිඥ  ප‍්‍රියලාල්  ඇතුළු  කණ්ඩායම විසින්  එම  මහජන  පෙත්සම සහ  ලිඛිිත පැමිිණිල්ල නියෝජ්‍ය පොලිස්පති   මහතාගේ  පෞද්ගලික සහකාර  වෙත  භාරදුුන් එම  අවස්ථාව  සම්බන්ධයෙන්  සිය  වෘත්තියෙහි නියැලෙන්නට එනම් අවශ්‍යකරනු ලබන ඡයාරූපය ලබාගන්නට අවසර නොදීම, තමන්ගේ  වෘත්තිය  අයිතිවාසිකමක් අහිමිි  කිරීමක්  යැයි  පවසා,  එසේ  කරන්නට හේතුව කුමක් දැයි ඇය විසින් අයි.පී. සමන්කුමාර මහතාගෙන් විමසා සිටිි  විට, එම  ස්ථානය  නියෝජ්‍ය  පොලිස්පති  කාර්යාලය  බැවිින්,  නියෝජ්‍ය  පොලිස්පතිතුමාගේ  අවසරයක්  නොමැතිව ඡයාරූප  ගැනීම  සඳහා  අවසර ලබාදිය නොහැකි යැයි අයි  පී සමන්කුමාර ප‍්‍රකාශකර  ඇත.

ගරු අධිිකරණය ඇතුලත ද ජනමාධ්‍යවේදින් හට මාධ්‍ය උපාංග භාවිතා කිරිමට නිදහසක්  ලබාදී ඇති බව නීතිඥ පි‍්‍රයලාල් ප‍්‍රකාශ කළ අතර, කැමරාවට අනුමැතිය ලබානොදිම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියට සිදුවු අපහසුතාවය මත අවශ්‍යනම් නීතිමය පියවරක් ගන්නා ලෙසටත් ඒ සම්බන්ධයෙන් තමන් අමනාපයක් නොමැති බවත් අයි පී සමන් කුමාර ප‍්‍රකාශ කළේය.




කෙසේවෙතත්, එම මහජන පෙත්සම හා ලිඛිත පැමිණිල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරදුන් බවට කිසිඳු ඡයා වාර්තාවක් නොමැත. 

-MMP




2014-10-03
Advertisement

Find us on Facebook