English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


Happy Birthday සුනිලා .....


හැත්තෑව අසූ ගන්නවලින් පසුව ලංකාව දේශපාලණ සුනාමියකට හසු වුනා. සමාජයට ආදර්ශයක් වූ සමාජයට නායකත්වය සැප යූ බොහෝ චරිත අපි බලා සිටිය දී අපෙන් ඈත් වුනා. සමහරැන් තව දුරටත් අප අතර හිටියත් ඉන් වැඩි දෙනෙක් දේශපාලනිකව මිය ගිය පුද්ගලයන් බවට පත් වුනා. 2005 වසරේ ඇති වූ දේශපාලණ වෙනස්කමත්, ඉන් පසුව ඔවුන් විසින් ආරම්භ කළ කෲර යුද්ධයත් ඒක්ක ඉතිරිව සිටි කිහිප දෙනාත් අප අතහැර දෑත ශක්තිමත් කරන්න කියල අර ගුබ්බෑයමට රිංගුවා.

මේ සියලු දෙනා අප හැර යද්දි ඉතාම බැරෑම් අභියෝගයන්, අපහසුතාවයන් ඇතුලු විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් තම ප්‍රතිපත්තිමය අරමුණු අත්හැර නොදමමින් ඉතිරි වූ සටන් සගයන් සමග ඒකට සිටිමින් කටයුතු කරන පරමාදර්ශී චරිත කිහිපයක් අපට ඉතිරි කළා.

ඒවැනි ඒක් ප්‍රභල පරමාදර්ශී චරිතයක් වුයේ සුනිලා. ඇය විවිධ වූ අභියෝගයන් මැද්දෙ වුවත් කිසිවිටකත් පසුබැස්සෙ නැහැ. තම ප්‍රථිපත්ති වෙනස් කරේ නැහැ. සටන අතහැරියෙ නැහැ. ඇයගේ ඒම කැපවීම හා මගපනේවීම බොහෝ දෙනෙකුට විශාල පිටුවහලක් වුනා. ඒය 2015 ඇති වූ වෙනසට පාර කැපුවා.

නමුත් ඇය, ඇය ගැන ඒතරම් ‌‌සොයා බැලුවේ නැහැ. අසනීප ගැන ඒතරම් උන්දු වුනේ නැහැ. ඒ් නිසාම  තම ශරීරය තුලින් පැමිණි සුනාමියට ඇයට මුහුණ දෙනන්ට බැරි වුනා. ඇය අපිව දාල ගියා. ඊයේ ඇයගේ 67 වන ජන්ම දිනය. ඇය ගැන දන්න බොහෝ  දෙනා  මුහුණු පොතෙත්, විවිධ තැන්වල ඇය ගැන කතා කරනවා. ඒ් ඇය කතා කරන් බොහෝ දේ අපට ඉතිරි කර ගියා නිසා.

ලක්ෂාන් ඩයස්, අනුන්ගේ මගුල් කරේ තියාගෙන දුවන හාදයෙක්, සුනිලා වගේම තමුන්ගේ අසනීප ගැන හොයන්න ඒයාට වෙලාවක් නැහැ. හැබැයි ඒයා සුනිලා ගැන නම් ලියන්න වේලාවක් හොයාගෙන. ඒයත් ඒක්ක නඩු කියන්න බලාගෙන අනවසරයෙන් ඒයාගේ මුහුණු පොතෙන් මේ කොටස ලබා ගත්තා, මේ සුනිලා ගැන ලක්ෂාන් කියන කතා...

එහෙමත් චරිතයක් !!!!!!

සුනිලව මට මතක් උනේ අනෙක් අය විවිධ දෙවල ලියල තියන කොට , මටත් හිතුන එයා ගෑන්න මොනවා හරි ලියන්න. මම එය ගෑන මුකුත් ලියල නෑ, එයා මගේ ගොඩාක් ලොකු යාලුවෙක් නෙමෙයි උනත් යාලුවෙක්, මම උදයගේ යාලුවෙක් නිසා ඉන්ෆොර්ම් එකට අවා ගියාට සුනිල මට යාලුවෙක් විදියට සෑලකුව කියල හිතනවා. අපි සමහර දේවල් එකට කරලත් තියන්වා , අපි දෙන්න 3 පාරක් පිටරටදි හම්බවෙලා තියනව.

මුලින්ම ජිනීවා වල 1997 මම ගියේ වෙනමම, වෙන වෑඩකට. එහෙදි සුනිලා හම්බවුනා. එයාට පුලුවන් හෑම වෙලාවෙම මට කට්ටියව අඳුන්වල දුන්න රධිකා, රාමෝස් හොර්ටට වෙනත් බොහෝ අයට මට එගොල්ලව මතකත් නෑ, එගොලන්නට කොහොමත් මාව මතකත් නෑ. හබෑයි සුනිලා ලෝබ නෑතුව හෑමෝටම අඳුන්වල දුන්න. රන්ජිත්-බබරා හිටියේ ජිනීව ස්ටෙසමේ එහා පෑත්තේ, එක සුනිලගේ තිප්පලක්, ඒ තිප්පලට මහින්දවත් එක්කන් ගිහින් තියනව සුනිල, මහින්ද ජිනීව යන කාලේ.

ඊලඟට බෑන්කොක් වල අපි එහෙදි චිත්‍රපටියකුත් බෑලුව. ඒය  xiu xiu සාංස්කෘතික විප්ලවයේදි ලිංගික සූරාකෑමට ලක්වෙන තරුනියක් ගෑන චිත්‍රපටයක්, සුනිල අහනවා ඈයි ළමයෝ ඒ් කෙල්ලෙට තෙරෙන්නෙ නෑත්තේ නෑවත නෑවතට ඇය සුරා කෑමකට ලක්වෙනව කියල, (හරියට අද වෙන දෙවල් වගේ)

ඊලඟට කේ.එල් ( K L ) එතකොට එයා ලෙඩවෙලා. එත් සතුටුදායක හමුවක් මම එයාව හොයාගෙන ගියා හිටිය තෑනට, අපිට පොදු ජාත්‍යන්තර යාලුවොත් හිටියා. සුනිලා මෑරෙනකොට මම හිටියේ ජපානයේ. මෑරුනු බව කිව්වේ එහෙම පොදු යාලුවෝ. අපි එයා මෑරෙන්න කලින් වීක් week එකේ පොඩි පාටියක් දාන්න හිටියේ. උදාන්, රුකී, උදය, සුදා, මම. මම ජපෑන් ගිය නිසා එක කල් ගියා. එනකොට එයා  මෑරිලා. සමහර රෑස්වීම් වල සමහර වෙලාවට බොහෝම අමාරුවෙන් සුනිලට කියල හෙමෙන් සෑරී පියා විදා ........සින්දුව කියවා ගන්නව.

සුනිලව ඉස්සෙල්ලම හම්බ වෙන්නේ කාන්තා වෑඩකදි SCM. එකට සුනාලා ගෙන්නන්නේ ශෙරීන්. ශෙරීන් සුනිලට වහ වෑටිලා හිටියේ, කට පුරා හිනාව බලල් ඈස්, කොටට කපපු කොන්ඩේ බඩකුත් උස්සගෙන සුනිලා අවා අම්පිටියට, පුංචි කාන්තා කන්ඩායමකට කතා කරන්න. එ් වෙනකොට එයාට ජවිපෙ, (හන්ගල ගහනවා නම්) දේශප්‍රේමී  සහෝදරවරු මරණ වරෙන්තුව දීල තිබුනේ, හෑන්ගිලා උනත් බය නෑතුව සුනිලා අවා අම්පිටියට, ඒ වෙනකොට නන්දනවත් මරල (නන්දන මාරසිංහ), කට්ටිය අනුරාධපුරේ බේස් base වෙල වෑඩ කලේ එත්කොට, සුනිල්, නන්දන, සුනිල කපුගේ වගේ ය.

89 හෝ 90 මුල හියුරිඩොක්ස් HURIDOCS එකයි ලංකවේ කන්ඩායමකුයි වෑඩ මුලුවක් තිබ්බ ගල්කිස්සේ බර්ජයා මවුන්ට් රෝයල් එකෙ. මටත් එන්න කිව්ව. එතනදි තමයි ඉන්ෆොර්ම් එක පටන් ගත්තේ. දැන් මම ඉන්ෆොර්ම් එකෙ බොර්ඩ් එකෙ ඉන්නවා උදයගේ ආරධනයෙන්,

සුනිල ඉන්ෆොර්ම් INFORM එකට පටන් අරගෙන තත්තා (චාර්ලි) එක්ක මානව හිමිකම් වෑඩ කරා. උදයත් 90 ඉන්ෆොර්ම් ජොයින් උනා, පලමු වෑඩේ තමයි එයාට මරන වරෙන්තුව දීල තිබුන සහෝදරවරුන්ගේ මරණ ගෑන හොයන එක. UN හා වෙනත් කන්ඩායම් එක්ක ලංකාවේ හෑම තෑනම ගිහිල්ල මහින්ද , මංගල වගේ කට්ටිය එක්කත් වෑඩ කලා. කර්ල්ටන් එකේ කල බීලත් තියනව ඒ වෑඩවලට ගියාම. මේ කතා දෑනගෙන හිටියට සජීවි තොරතුරු ලෑබෙන්නේ උදයගෙන්. රෙස්ටෝරන්ට් එකක බොන ගමන්.

සුනිලව ගොඩාක් අය ඈන්ඳුවා. තමන්ගේ නෑති බෑරිකම් කියාගෙන එන අය, පරන සහෝදරවරු, නානාප්‍රකාර අය. සමහර අයට සමහර ඈඳිලි සුනිලා දෑනගෙනම අනුකම්පාවට ඈඳුනා. එ හින්ඳම කරදරත් උනා. හබෑයි ඈය හෑම දේම ගෑන බලුවේ උපෙක්ශවෙන් ආදරයෙන් හිනා වෙලා. එක තමයි ඈයගේ උසස් කම , සමහර විට අපි නම් එහෙම දේකදි බනිනවා එත් සුනිල එහෙම නෑ.

සේර්ම මානව හිමිකම් ප්‍රශ්ණ අස්සේ පවුල් ප්‍රශ්ණත් විසඳනවා , බොඩීම් ප්‍රශ්ණ, රස්සාවල් හෙවිලි , කාමර කුලියට දීම්, අනුන්ගේ ළමයින් ගේ ප්‍රශ්ණ. තමන්ගේ ළමයින්ට වඩා ඈයට ළමයි ගොඩක් හිටියා. මොනව හරි ප්‍රොජෙක්ට් එකෙක් ලියලා දීල උදව් කරපු ඈන්ජීඕ ගොඩාක් තිබුනා. සල්ලි නොදී ඈරපු කන්ඩායම්  එමටයි. සමහර එවා පුද්ගලිකවම මම දන්නව.

අමුතුම චරිතයක්.... නවී පිල්ලෙ එන කාලේ රෑස්වීමක් තිබුන කතා කල යුතු දෙවල් ගෑන තීරණ ගන්න. එතකොට එයාට ඈවිදින්නත් බෑරුව හිටියේ ඒත් රෑස්වීමට අවා, තදින් ඉන්න අවශ්‍ය තෑන්වල තදින් හිටිය. අසනීප කියලා නෑ. සුනිලා යාලු වගේම තමයි, ප්‍රතිපත්තිමය කරුනුවලදි තදින් හිටියා. මර්ජ් එකෙ රෑස්වීම් වල මම දෑකල තියනව හරිම දේශපාලනිකයි, ක්‍රමමෝපායිකයි, මානුශිකයි.

Happy Birthday සුනිලා .....




2019-09-05
Advertisement

Find us on Facebook