English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සෙල්ලන් පිස්තෝල නගරාධිපතිට බන්ධානාගාරයේ දී රජ සැලකිලි


සේල්ලම් පිස්තෝල නගරාධිපති ලෙස ප්‍රකට හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු වසර පහක සිරදඬුවම් නියමව අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විදින නමුත් ඔහුට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින බව අප ආරංචි මාර්ග සඳහන් කරයි. අච්චුකර සිටින සිරකරැවෙකුට පිටතින් ගෙනෙන ආහාර ලබා නොදෙන අතර, ඥාතීන්ට පමණක් ඔහුව මුණගැසීමට මසකට ඒක් අවස්ථාවක් පමණක් ලබාදෙනු ලැබේ. නමුත් මෙම කිසිදු නීතියක් ඔහු සම්බන්ධව ක්‍රියාත්මක නොවන අතර, අසනීප යැයි පවසා පසුගියාදා රෝහල්වල නැවතී ප්‍රථිකාර ලබා ගෙන ඇති බවද වාර්තා වේ.   

මත්තල ගුවන් තොටුපල නැරඹිමට ගිය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් පිරිසකට පිස්තෝලයක් පෙන්වා මරණිය තර්ජනය කර පහර දිමේ සිද්ධියට අදාලව හම්බන්තොට අධිකරණයේ පැවැති නඩුවෙන් ඔහු ඇතුලු තවත් පුද්ගලයෙකුට ඉදිරිපත් කර තිබූ චෝදනාවන්ට වරදකරැ කරමින් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට පසර 5ක සිරදඩුවම් හා දෙලක්ෂ හැට දහසක දඩ මුදලක් සහ පැමිණිලිකරුවන්ට රුපියල් ලක්ෂ 13 ක වන්දි මුදලක් ගෙවිමට පසුගිය අගොස්තු 02 දා හම්බන්තොට අධිකරණය විසින් නියෝග කෙරුණි.

මෙම නඩුවට අදාල සිද්ධිය සිදු වූයේ 2014 අප්‍රේල් 17 වන දාය. ඊට  මාස 8කට පසුව ඒනම් 2014 දෙසැම්බර් 21 වන දින ඒවැනිම ප්‍රහාරයකට විදියේ විරෝධය කණ්ඩායමට මුහුණ දීමට සිදු විය. රාජපක්ෂ රේජීමයට ඒරෙහිව ඔවුන් විසින් රට පුරා පැවැත්වූ සමාකාමී විරෝධතාවය දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ දී පැවැත්වීමට සුදානම් කර තිබූ අතර, ඒය වැලැක්වීම සදහා ඒම විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන් ඇතුලු පිරිසකට ඒරාජ් ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායමක් විසින් පිස්තොල පෙන්වා මරණීය තර්ජනය  කරමින් කෲර ලෙස පහරදෙනු ලැබීය. නමුත් ඒම පහරදීමට ඒරෙහි නඩුව අවුරැදු 5කට ආසන්න කාලයත් තිස්සේ තවමත් හම්බන්තොට මසේත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

තම හම්පුතුන් විසින් ලබා දෙන නියෝගයකට අනුව ඔ්නෑම කෙනෙකුට ඔ්නෑම අවස්ථාවක දී පහරදීමට නොපැලිකෙන මෙවැනි මැරයන් පාලනය කිරීම සදහා අධිකරණය විසින් දඩුවම් ලබා දී තිබිය දීත් බන්ධනාගාර පරිපාලනය විසින් මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස හැසිරීම අඩුම වශයෙන් ඒදා ඔහුගේ මැර ප්‍රහාරයට ලක් වූ ජනතා නියෝජිතයින් විසින්වත් සොයා බැලිය යුතු නොවේද?




2019-09-05
Advertisement

Find us on Facebook