English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද වීම ව්‍යවස්ථාදායක සභාවේ වරැද්දක්!


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද වීම ව්‍යවස්ථාදායක සභාවේ වරැද්දක්!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම ප්‍රමාද වීම ව්‍යවස්ථා දායක සභාවේ වරැද්දක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසීමේ මහජන අදහස් විමසීම් කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ  ලාල් විජේනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් ඔහු මෙසේද පැවසුවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදි මහජන අදහස් වීමසිම සඳහා මගේ සභාපතිත්වයෙන් විද්වතුන් විසි දෙනෙක් පත් කළා. මහජනයා මොනවද කියන්නේ කියලා හොයලා බලලා වාර්තා කරන්න. ඒ අනුව අපි සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා සෑම සංවිධානයක් සමඟින්ම, සෑම ජනකොටස් වල නායකයින් හමුවෙලා සාකච්ඡා කරලා 2016 මාර්තු වෙනකොට ඒ අදහස් අපි ඉදිරිපත් කළා පිටු 300 ක වාර්තාවක් විදිහට. ඒක පාර්ලිමේනතුවටත් ඉදිරිපත් කළා. එතනින් අපේ වැඩේ ඉවර වුණා. ඒ අතරතුර පාර්ලිමේනතුවෙන් සම්මත වුණ ඒකමතික යෝජනාවක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කළා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස පත් කළේ පාර්ලිමේනතුවේ ඉන්න මන්ත්‍රිවරු 225 වය. ඒ අයගේම ඡන්දයෙන්, ඒ අයගේම යෝජනාවෙන් පත් වුණා. ඉන් අනතුරුව අගමැතිතුමාගේ නායකත්වයෙන් මන්ත්‍රිවරු විසි දෙනෙක් ඉන්න මෙහෙයුම් කාරක සභාවක් පත් කළා ඒ කාර්යයට නායකත්වය දෙන්න. ඒ අය රැස්වීම් 87 ක් තියලා තියෙනවා. ඒ අනුව වාර්තාවල් ගණනාවක් සකස් කළා. ඒ අය විශේෂඥ කමිටු පත් කළා. ඊට පස්සේ මානව හිමිකම්, අධිකරණය, රාජ්‍ය සේවය, මුලික අයිතිවාසිකම් පිලිබඳව ආදී විෂයන් වලට අනු කමිටු ගණනාවක් පත් කර ඒවායේ වාර්තාත් ලබා ගත්තා. ඒ හැම එකකටම පාර්ලිමේන්තුවේ හැම පක්ෂයකම නියෝජතවරු හිටියා. සමහර අනු කමිටු වල සභාපතිත්වය දැරුවෙත් විරුද්ධ පක්ෂ වල අය. ඒ නිසා කාටවත් කියන්න බැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසනවට විරුද්ධ වුණා කියලා. මෙය ගියේ සර්ව පාක්ෂික ප්‍රයත්නයක් ලෙසයි. මොවුන් ව්‍යවස්ථා දායක සභාවට ඉදිරිපත් කළ පළමු වාර්තාව දින පහක් සාකච්ඡාවට ලක් වුණා. ඒකේදි ඉතා වැදගත් අදහස් ඉදිරිපත් වුණා. ඒ අදහසුත් සැලකිල්ලට ගෙන මෙහෙයුම් කාරක සභාව විසින් තව වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක ස්වරූපයෙන්. නමුත් සියලු කරුණු පිලිබඳ අවසානයේ තීන්දුවක් අරන් තිබුණේ නැහැ. ඒක වගන්ති 400 ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඒ නිසා කාටවත්  කියන්න බැහැ මොනවත් වුණේ නැහැ කියලා. ඒවායේ වාර්තාවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාව ගැන සාකච්ඡා කිරිමට නියමිතව තිබියදී තමයි මේ ජනාධිපතිවරණය ගැන ප්‍රශ්නය ඉදිරියට ඇවිත් ඒ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ වැරැද්ද. ඔවුන්ට යුතුකමක් තියෙනවා අවුරුදු දෙකක් පමණ මහන්සි වෙලා ඉදිරිපත් කරපු වාර්තාව සලකා බලන්න. එසේ සලකා බැලුවනම් තව එක අදියරයි තිබුනේ. ඒකෙන් මතුවන අදහස් එක් කරලා පුර්ව කෙටුම්පත ඉදිරිපත් කිරීමටයි තිබුණේ. එසේ නම් ඒ කාර්යය අවසන් වෙනවා.

මේවා අපතේ ගියා කියලා කාටවත් කියන්න බැහැ. ඊළඟ පාර්ලිමේන්තුවට වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම යළි නවත්තපු තැන ඉඳලා පටන් ගන්න. මොකද? ඉතා බැරැරුම් කරුණු රැසක් පිලිබඳ එහි එකඟ වෙච්ච ඒවා තියෙනවා. දැන් මේ වාර්තා ඔක්කෝම ගොඩ ගහලා ඒ කාර්යාලයේ තියෙනවා. පාර්ලිමේනුවේ වගකීම වන්නේ මෙය ඉදිරියට ගෙන යාමයි.

ඉකුත් දිනකදී ජනාධිපතිවරයා අදහස් දක්වලා තිබුණේ ඒ ගැන නොදන්නා විදිහට. ජනාධිපතිවරයා විදිහට එතුමා ඒ ගැන දන්නේ නැත්නම් ගැටලුවක්.




2019-09-04
Advertisement

Find us on Facebook