English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අන්තවාදය වැලැක්වීම සඳහා විශේෂඥ දැනුම දෙන මෙන් ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලයි!


අන්තවාදය වැලැක්වීම සඳහා විශේෂඥ දැනුම දෙන මෙන් ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලයි!

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර වලින් පසුව ජාතික ආරක්ෂාවට විශාල ලෙස තර්ජනයක් වී පවතින ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැලැක්වීම සඳහා විශේෂඥ දැනුම ලබා දෙන ලෙස ශ්‍රි ලංකාව ගෝලීය ප්‍රජා කටයුතු සහ යථා තත්ත්වයට පැමිණවීමේ අරමුදලේ සහාය පතා තිබේ.

ගෝලීය ප්‍රජා කටයුතු සහ යථා තත්ත්වයට පැමිණවීමේ අරමුදල Global Community Engagement And Resilience Found  යනු ජීනිවා නුවර පිහිටි රාජ්‍ය හා පුද්ගලික අංශ වල හවුල්කාරීත්වයක් වන අතර එය ප්‍රචණ්ඩකාරී අන්තවාදයට ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරිම අරමුණු කර ගනිමින් දේශිය, ප්‍රජා මට්ටමේ කටයුතු වලට සහාය වන්නකි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනයක් මත ඉකුත් දින වල මෙරටට පැමිණි මෙකී අරමුදලේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ඛාලිඩ් කොසර් මහතා දේශපාලන නායකයින් හා ජ්‍යෙෂ්ඨ නායකයින් හමු වු අවස්ථාවේදී මෙලෙස සහාය පතා තිබේ.

ජාතික හිමිකාරීත්වය, ඵලදායි සම්බන්ධීකරණය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැලැක්වීමේ ඕනෑම වැඩසටහනක් සඳහා දේශිය සන්දර්භය යන කරුණු මෙම අරමුදල විසින් ලබා දෙනු ලබන බවත් ඊට ලබා දෙන සහායට සහාය  ඉතා වැදගත් බවද ආචාර්ය බාලිඩ් කෝසර් මහතා මෙහිදී දන්වා තිබෙන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

-ශානිකා මාධවී-




2019-09-04
Advertisement

Find us on Facebook