English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පමුණුගම පොලිසීය ඈන් රණවීර සිද්ධිය යට ගැසීමේ උත්සහායක!


පමුණුගම පොලිසීය ඈන් රණවීර සිද්ධිය යට ගැසීමේ උත්සහායක!

ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල කරමින් පමුණුගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණුනු පාරම්පරික සිංහල වෛද්‍ය ඈන් රණවීර සිද්ධිය සමථ වීමකට කැමැත්ත පළ කල බවට පමුණුගම පොලිස් පොතේ අත්සන් යොදා ඇත්තේ දේවගැතිවරයෙකු බවට ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාවේදි (02) හෙළි විය.

පාරම්පරික දේශිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසද සේවය කරන බව කියන ඇයගේ නිවසට ඉකුත් 12 වෙනි දින පමුණුගම පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල් වී වෛද්‍ය ම්‍යස්ථානය ලියාපදිංචි කිරිමේ සහතිකය ඉල්ලා තිබේ.

බලහත්කාරයෙන් නිවසට කඩා වැදීම පිලිබඳ ඇය කරුණු විමසා ඇත. ඇය පිලිබඳ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් නිසා මෙලෙස ඇයගේ නිවස පරක්ෂාවට ලක් කළ බව එහිදි ඔවුන් පවසා ඇත. එම අවස්ථාවේදී ඈන් රණවීරව හා  ඇගේ මවව දැඩිලෙස වදහිංසාවට ලක් කරමින් කෲර ලෙස අවමන් සහගතව සලකමින් පමුණුගම පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් පසුද පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ හා කතෝලික පියතුමෙකු වු සික්ටස් කුරුකුලසුරිය පියතුමා ඉදිරියේ  උප පොලිස් පරික්ෂකවරයෙකු ඇයට කුෂන් කරන ලද යකඩ පුටුවකින් පහර දුන් බවද ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉකුත් (19) පැමිණිලි කර තිබුණි.

මෙම පැමිණිල්ල ඊයේ දින මානව හිමිකම් කොමිෂන් සභාවේදී කැඳවු අතර පමුණුගම පොලිසිය නියෝජනය කරමින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

මෙහිදී ඔවුන් කියා සිටියේ ඈන් රණවීර නිවස පරික්ෂා කිරිමේ සිද්ධිය සමථයකට පත් කර ගෙන ඇති බවය. ඒ අනුව ඔවුන් පොලිස් පැමිණිලි පොතද ඉදිරිපත් කළ අතර, ඒ අවස්ථාවේදී හෙළි වුයේ එම පැමිණිල්ල සමථයකට පත් කර ගත් බවට සික්ටස් කුරුකුලසුරිය පියතුමා මිස ප්‍රධාන සැකකාරිය වන ඈන් රණවීර පැමිණිලි පොතේ අත්සන් තබා නොමැති බවය. මෙහිදී අත්සන් තබා ඇත්තේ තෙවැනි පාර්ශවයකි. සමථයක් නම් සමථ  විය යුත්තේ අදාල පාර්ශව දෙකය. එහෙයින් මෙය පොලිස් ක්‍රමවේදයට පරිබාහිරව සිදු කර ඇති බවත්, ඒ අනුව මෙහි යම් ගැටලුවක් ඇති බව පෙනී යන බවත්, මානව හිමිකම් කොමිෂන් සභාව පැවසිය.

-මාධවී-




2019-09-04
Advertisement

Find us on Facebook