English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“පළාත් සභා ඡන්ද විමසීමේ බලයක් ජනපතිට නෑ” ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි


“පළාත් සභා ඡන්ද විමසීමේ බලයක් ජනපතිට නෑ”  ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

පළාත් සභා (සංශෝධන) පනත යටතේ අලුත් ක්‍රමයට හෝ පරණ ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කර ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි.

සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව, සංශෝධිත පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයාට ඡන්දය පැවැත්වීම සඳහා සීමා නිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දි ඇති වාර්තාවේ සඳහන් සීමා මායිම් ප්‍රකාශයට පත් කිරිමේ බලයක් ජනාධිපතිවරයා සතු නොවන බවත් එම හේතුව මත පළාත් සභා (සංශෝධන) පනත යටතේ පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවද අර්ථ නිරූපණ ආඥා පනත යටතේ විධිවිධාන පරිදි අදාල සංශෝධනයට පෙර පැවති නීතිය යටතේ ඡන්දය පැවැත්වීමට නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දි තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් කළ මත විමසීමට පිළිතුරු ලෙසිනි.

-ශානිකා මාධවී-




2019-09-03
Advertisement

Find us on Facebook