English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මධුෂ්කව ඉල්ලා මහජන පෙත්සමක් !


අනුරාධපුරයේ මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැරගෙන ගොස් අදට, 2014 සැප්තැම්බර් 02 වනදාට මාස 13ක් වන අතර, ඔහුව ඉල්ලා සිටිමින් බලකෙරෙන අත්සන් 1020 කින්  යුතුවු මහජන පෙත්සමක් අද(සැප් 02)දහවල් උතුරු මැද දිසාව භාර අනුරාධපුරය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට භාර දෙනු ලැබිණි.


මහජන පෙත්සම භාරදීමට පැමිණි අවස්ථාවේදි නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා කාර්යාලයේ නොසිටි අතර ඔහු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලීක සහකාර අයි. පී. සමන්කුමාර මහතා එම පෙත්සම භාරගනු ලැබුවේය. නිතිඥ පි‍්‍රයලාල් මහතා මගින් භාරදෙනු ලැබු මෙම මහජන පෙත්සම සමඟ මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ පැහැරගෙන යාම සම්බන්ධයෙන් සම්පූර්ණ ලිඛිත පැමිණිල්ලක් ද නියෝජ්‍ය පොලිස්පතිවරයා හට භාරදෙනු ලැබිණි.


වින්දිත පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප‍්‍රියලාල් ද අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ නීති අංශයේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු ද මයුරි ඉනෝක ද මධුෂ්ක පැහැරගෙන යාම සම්බන්ධව හා ඉන් පසුව මයුරි ඉනෝකා හට මුහුණ දෙන්නට සිදුවී ඇති මරණ තර්ජන හා බියවැද්දවිම් සම්බන්ධයෙන් ද පවතින විශේෂිතවු කරුණු කිහිපයක්ම අයි පී සමන්කුමාර මහතා වෙත වාචිකව ඉදිරිපත් කළ අතර එම සියලූ කරුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ පැහැදිළිකර ඉදිරිපත් කරන බවට සහතික විය.

මෙම පෙත්සමට අත්සන් ගැනීම, අද(02) පෙරවරු 10.30 සිට දහවල් 1.30 වන තුරු අනුරාධපුරය නව බස්නැවතුම්පොල දී සිදුවුණු අතර, මහජන පෙත්සම සම්බන්ධයෙන් විස්තර කළ දැවැන්ත පුවරුවක් බස්නැවතුම්පොලෙහි සවිකර තිබුණි. තම පියා ගැන කිසිඳු වතගොතක් නොදන්නා මධුෂ්කගේ නිවුන් දරුදෙදෙනා, රනුල සහ රනුල්‍යා තමන්ගේ මව්, මයුරි ඉනෝකා සමඟ මහජන පෙත්සමට අත්සන් තබන ස්ථානයේ බිම වාඩිවී සිටියහ.


”මගේ මහත්තයා, මධුෂ්කට මොකද වුණේ කියන ප‍්‍රශ්නයට උත්තර දෙන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් බලහත්කාරයෙන් සුදුවෑන් එකට දාගත්ත මධුෂ්ක ගැන යම් යම් තොරතුරු පොලීසියේ යම් යම් නිළධාරින් දන්නවා. නමුත් කිසිම පිළිතුරක් නැහැ. අද අපි පෙත්සමක් අත්සන් කරන තැනට ආවා. අද ඒකත් භාරදීලා, ලිඛිත පැමිණිල්ලකුත් භාරදීලා අපි තවත් ඉවසීමෙන් බලාගෙන සිටිනවා අපේ පොලීසිය අපි වෙනුවෙන් මොකක්ද කරන්නෙ කියලා. මධුෂ්ක පිළිබඳව නිවරැදි තොරතුරක් පොලීසියෙන් ලබාදෙන තුරු මම මේ සටන අතහරින්නේ නැහැ.” යනුවෙන් මයුරි ඉනෝකා ජයසේන අයිතියට ප‍්‍රකාශ කළේය.

තමන්ගේ ස්වාමිපුරුෂයා සොයා ගනීම සඳහා මෙම සිද්ධිය පිළිබඳව සංවේදි සියලූම දෙනාගේ සහය තමන් අපේක්‍ෂාකරන බව ද මයුරි ඉනෝකා අයිතියට පැවසීය. 

”මධුෂ්ක අතුරුදහන් කරවීමට පොලීසිය සම්බන්ධ ද ?” යන ශිර්ෂයෙන් යුතුව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් මුද්‍රණය කරතිබුණු අත්පත‍්‍රිකාවක් භාවිතා කරමින් මෙම පැහැරගෙන යාම සම්බන්ධව බස්මගින්ව දැනුවත් කිරීමක් ද සිදුකෙරුණිි.


"මේක මහ සහගහණ අපරාධයක්. බලන්න අර පොඩිවුන් දෙන්නා දිහා.” , ”මෙච්චර දෙයක් ගැන අපි දැනගෙන හිටියේ නැහැ. අදයි දන්නේ.” , ” මේක වෙන කල්ලියකගේ වැඩක් වෙන්න බැරිද?.” ” පොලීසිය තමයි මේක අනිවාර්යයෙන්ම කරන්න ඇත්තේ. ඒක තමයි පරීක්‍ෂණ හරියට කරන්නෙ නැත්තේ.” , ” මෙච්චරත්  සාක්‍ෂි තියෙනකොට පොලීසිය ඇයි බුදියන් ඉන්නේ? එහෙනම් ඉතිං අනිවාර්යයෙන්ම මේක කරන්න ඇත්තේ පොලීසිය තමයි.”, ” මේකට අත්සන් කරලා , අපිටත් මොනව හරි වෙයිද ?” ,” මේකට අත්සන් කරලා අපිවත් පොලීසියෙන් උස්සන් යයිද දන්නෙ නැහැ?”,” මෙහෙම වෙන්න මේ හාදයාගෙත් මොනවාහරි කේස් තියෙන්න ඇති.” යනුවෙන් මධුෂ්ක වෙනුවෙන් පෙත්සමට අත්සන් තැබු බස්මගීන් බොහෝදෙනෙක් අදහස් ප‍්‍රකාශ කළේය.


පැහැර ගනු ලැබුු මධුෂ්ක හරිෂ් ද සිල්වාගේ බිරිඳ, මයුරි ඉනෝකා ඇතුළු මධුෂ්කගේ පවුලේ ඥාතින්ද, හිතවතුන්ද, මධුෂ්ක සොයා යන ගමනේ දී මයුරිට සහය වෙන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ, ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සහ අපි පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයින් ද, ශුද්ධවු පවුලේ පැවිදි සොහොයුරියන් ද කිතුණු පූජක උතුමන් ද අද දිනයේ දි අනුරාධපුරය නව බස්නැවතුමට පැමිණි මගීන් දහසක පමණ පිිරිසක් ද මෙම මහජන පෙත්සමට සහය පලකරමින් තම නම සටහන් තැබීය.


මධුෂ්ක හරිෂ් ද සිල්වා ඇතුළු සමස්ත අතුරුදහන්වුවන් පිළිබඳව කථාකරන ”ලයිසන් තුවක්කු” නමින් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් නිෂ්පාදනය කරනු ලැබු වීඩියෝ දර්ශනයක් ද අද (02) සවස් කාලයේදි (පස්වරු 7.00ට) අනුරාධපුරය නව බස්නැවතුමේදි පෙන්වනු ලැබු අතර, එම අවස්ථාවේදි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා සහ මයුරි ඉනෝකා ද අපි පුරවැසියෝ සංවිධානයේ නියෝජිතයෙක් ද වීඩියෝ දර්ශනය නැරඹු බස්මගීන් අමතා මධුෂ්කගේ අතුරුදහන්වීම මෙන්ම සමස්ත අතුරුදහන් කරවීම් පිළිබඳව කථාකළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් 02 වෙනිදා (2013.09.02) පස්වරුවේදි රාත‍්‍රි ආහාරය රැගෙන තවත් මිත‍්‍රයින් දෙදෙනෙකු සමඟ ත‍්‍රි රෝද රථයකින් ගමන්කරමින් සිටි මධුෂ්ක හරිස් ද සිල්වා, අනුරාධපුර විජයපුර බෝගහ අසළදි සුදු වෑන් රථයකින් පැමිණි ”අපි පොලිසියෙන්” යැයි කිවු කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් පැහැර ගෙනගිය අතර මධුෂ්ක සමඟ සිටි අනෙක් යහළුවන් දෙදෙනා ශාරරීක වධ හිංසාවලට ලක්වී පසුදා නිදහස්කොට තිබිණි. එහෙත් මධුෂ්ක හරිෂ් ද සිල්වා පිළිබඳව කිසිඳු තොරතුරක් අද වන තෙක් ලැබී නොමැත.


   සටහන සහ ඡයාරූප මෙලනි මානෙල් පෙරේරා
පිංතුර තීරුවෙන් සමස්ත පිංතුර බලාපොරොත්තු වන්න



2014-10-02
Advertisement

Find us on Facebook