English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නීතිපති දෙපාර්තමේන්තුව විධායකයෙන් ඉවත් කළ යුතුයි !


'1994 අංක 22 දරණ කෲර වධහිංසා හා අමානුෂික ක‍්‍රියා සම්බන්ධ පනත ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක නොවන තරම්, පසුගිය වසර 3ක් 4ක් කාලයක් තුළදී නඩු පැවරී ඇත්තේ 15ක් 20ක් පමණයි. 2004-2006 වසරවලින් පසුව නඩු පැවරෙන ප‍්‍රවනතාවයේ විශාල කඩාවැටීමක් සිදුව තිබෙනවා. නඩු පැවරුවත් නොයෙක් බලපෑම් මත නිදහස්වී යන ප‍්‍රවණතාවක් ද තිබෙනවා.” යැයි නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සමරන්නට යෙදුණු වධහිංසාවට පාත‍්‍රවුවන්ට සහය දැක්විමේ දින සැමරුම වැඩසටහනේ දි අදහස් දැක්වමින් නීතිඥ ලක්ෂාන් ඩයස් තවදුරටත් පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව විධායකයේ රැදී තිබෙනතාක්කල් ඉන් අපක්‍ෂපාති සාධාරණයක් අපේක්‍ෂාකළ නොහැකි බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විධායකයෙන් ඉවත් වි අවම වශයෙන් අධිකරණ අමාත්‍යංශය යටතේ තිබිමට අවශ්‍ය බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ අක‍්‍රීය භාවය ගැන අවදිව කටයුතු කළ බවත් වැරදිකරුවකු අල්ලාගත් විට කිසිදු පහරදිමකට වධ හිංසාවකට යොමුනොකරන්නට සිවිල් ජනතාව වගබලා ගතයුතුයැයි ද නීතිඥ ලක්ෂාන් යෝජනා කළේය.

ශ‍්‍රී ලංකාව වධ හිංසාවෙන් තොරවු දවසක ආශ්චාර්යක් කරා යන රටක් ලෙසට උදම් ඇනිය හැකි යැයි ද ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙම උත්සවය අමතා පහත්කොට සැලකීම් හා ජාතිභේදවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ විශේෂඥ වෛද්‍ය යු.සී.පී. පෙරේරා හා, රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක යන අය මෙහිදී විශේෂ දෙසුම් පැවැත් වූ අතර, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ගායනයෙන් දායකත්වය සැපීයීය.

මීට අමතරව වින්දිතයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් වත්තල පොලීසියේ දී වධහිංසාවට පාත‍්‍රව පසුව ඝාතණයට ලක්වූ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ බිරිද වන පද්මා වික‍්‍රමරත්න, කන්දෙකැටිය පොලිස් පහරදීමෙන් මිය සදුන් මාලිංගගේ මව වන කේ.යූ. මල්ලිකා ඇතුලූ වින්දිතයන් කිහිප දෙනෙකු අදහස් දැක්වීය.






2014-06-26
Advertisement

Find us on Facebook