English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම්


අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ උද්ඝෝෂණ, පෙළපාලි තහනම්

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ කිසිදු ප්‍රදේශයක සැප්තැම්බර් 10 වෙනිදා තෙක් උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම තහනම් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියෝග කලේය.

ඒ බම්බලපිටිය පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගය ආසන්නයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයකට එරෙහිව විරෝධතාවයක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානම් බවට ලැබුණු තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය මඟින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ඉල්ලා සිටි අවස්ථාවේදිය.

ඒ අනුව අධිකරණය විසින් සියලු කරුණු සලකා බලා අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ 106 වගන්තිය යටතේ මෙම ආඥාව නිකුත් කර තිබේ.

මෙකී ආඥාව නිකුත් කරනු ලැබුයේ සිංහල බලමුලුවේ කැඳවුම්කාර පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, රාවණා බලය කැඳවුම්කාර පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුලු උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා වෙතය.

මෙම ආඥාව අනුව උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි සාමකාමීව නිත්‍යානුකූලව පැවැත්විමට බාධාවක් නැති නමුත් කලහයක්, කෝලහාලයක් ඇති වන ආකාරයට නොකළ යුතු බවත් මහජනතාවට හා වාහන වලට බාධාවක් නොවන අයුරින් ක්‍රියා කළ යුතු බවටත්, නීත්‍යානුකූලව සේවයේ නියුතු තැනැත්තන් හට බාධාවක් නොවන ආකාරයටත්  කටයුතු කල බවට එහි වැඩිදුරටත් සඳහන් වේ.

ශානිකා මාධවී




2019-09-02
Advertisement

Find us on Facebook