English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ නඩුව විභාගය 14 සිට දිගටම


වැලිකඩ නඩුව විභාගය 14 සිට දිගටම  

වැලිකඩ බන්ධනාගාරය තුලදි 2012 වසරේදී රැඳවියන් 27 කු ඝාතනය කිරිමේ සිද්ධියට අදාල නඩුව ඔක්තෝම්බර් මස 14 වෙනි දින සිට සතියකට දින තුනක් විභාග කිරීමට ත‍්‍රි පුද්ගල මහධිකරණය ඊයේ (30) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ දින මහධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංගල ප‍්‍රදීප් හෙට්ටිආරච්චිල මංජුල තිලකරත්න යන අය ඉදිරියේ කැඳවනු ලැබුණි. එහිදි ඔවුන් නියෝග කර සිටියේ ඔක්තෝම්බර් මස 14 වෙනි දින සිට සෑම සඳුදා, බදාදා, සිකුරාදා දිනකම මෙම නඩුව විභාගයට ගැනිමටය.

එමෙන්ම ඊට පෙර සැප්තැම්බර් 20 වෙනි දින අධිකරණයේ පෙනී සිටිමින් මෙම නඩුවට අදාල ලේඛණ ලබා දීමටද මෙහිදි නියෝග කෙරුණි.

2012 නොවැම්බර් මස 09 වෙනි දින හෝ ඊට ආසන්න දිනකදී වැලිකඩ බන්ධනාගාරය තුල රැඳවියන් පරික්ෂා කිරිමට යාමේදී ආරක්ෂක අංශ හා ගැටි රැඳවියන් 27 කු ඝාතනය විය. මෙහිදි ප‍්‍රධාන ලෙස චෝදනා එල්ල වුයේ එවකට වැලිකඩ බන්ධනාගරය භාරව සිටි බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවාට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනාටය.

-ශානිකා මාධවී-




2019-08-31
Advertisement

Find us on Facebook