English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අත්අඩංගුවට ගැනීමේ දී මානව හිමිකම් කොමිසමේ මාර්ගෝපදේශයන් පිළිපදින්න - පොලිස්පති


අත්අඩංගුවට ගැනීමේ දී මානව හිමිකම් කොමිසමේ මාර්ගෝපදේශයන් පිළිපදින්න - පොලිස්පති

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වාර්තා වීම ඉකුත් සමයේ ඉහළ යාම නිසා නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් වළක්වා ගැනීමට  ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මාර්ගෝපදේශ පිලිබඳව සැලකිලිමත් වී කටයුතු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වලට ලිඛිතව දැනුම් දී තිබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සැකයක් මත බවත් එසේ නොමැතිව අත්අඩංගුවට ගැනිමෙන් පසු එකී අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට වැරදි සෙවීම නොකළ යුතු බවද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දන්වා තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා සෑම මොහොතකම නිසි විමර්ශනයක් කර සාධාරණ සැකයක් ඇති කිරිමට හැකි ස්ථිර සාක්කි තිබීමත් අත්අඩංගුවට ගැනීම් හුදෙක් ප්‍රවාදක සාක්කි මත පමණක් පදනම් විය යුතු නැති බවද වැඩිදුරටත් දන්වා ඇත.

තවද විවිධ සංස්කෘතීන් පදනම් කර ගනිමින් ආගමික සංකේත හඳුනා ගැනිම හෝ ඊට අදාල භාෂාවන්ගෙන් සටහන් කර ඇති වදන් වල අන්තර්ගතය හඳුනා ගැනීම වැනි ගැටලු ඇති වු විට ඒ පිලිබඳ විශේෂඥ මතයක් ලබා ගත යුතු බවද මානව හිමිකම් මාර්පෝපදේශනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඊට අමතරව අත්අඩංගුවට ගැනීම් පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක්ද සඳහන් කර ඇත.

ඉකුත් සමයේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් රැසක් වාර්තා වීම හේතුකොට ගෙන ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම මාර්ගෝපදේශ පොලිසියට ලබා දී තිබේ.




2019-08-30
Advertisement

Find us on Facebook