English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“Single Issue, Common Candidate” සංකල්පය 75% සාර්ථකයි - මහාචාර්ය කුමාර් ඩේවිඩ්


Single Issue, Common Candidate සංකල්පය 75% සාර්ථකයි - මහාචාර්ය කුමාර් ඩේවිඩ්

2015 ජනාධිපතිවරණයේදි යොදා ගත් පොදු අපේක්ෂකයා සමග ඉදිරිපත් “Single Issue, Common Candidate  සංකල්පය නිසා 75% සාර්ථක වූ බව මහාචාර්ය කුමාර් ඩේවිඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් දේශපාලණ තත්ත්වය සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය ඔහු හා කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය.

“මහින්ද රාජපක්ෂ සමයේ මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී වීරෝධි සිදුවීම් වුවාද කියා මා අමුතුවෙන් කිව යුතු නැහැ. අපට අවශ්‍ය වුයේ ඔහුගේ ඒකාධිපති පාලනය බිඳ දමා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කර ගැනීමයි. ඒ සදහා කාටත් සහාය විය හැකි පොදු අපේක්ෂකයෙකු අපි ගෙන ආව, ඔහුගේ ජයග්‍රහණයත් සමග අපගේ පළමු වෑයම සාර්ථක වුනා. මහින්ද රෙජීමය පරාජය කළ නිසා අපි මුලින්ම 25%ක් සාර්ථ වුනා. ඉන් පසුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළිනුත්, අනෙකුත් සිදු කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රථිසංස්කර හේතුවෙන් තවත් 50% ක් අපිට සාර්ථක කර ගත හැකි වුනා.

නමුත් අපට විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන් ඉවත් කරන් බැරි වුනා. දුෂණයන්ට හා අපරාධයන් සම්බන්ධව චෝදනා ලැබු පුද්ගලයින් අධිකරණයට ගෙන එතැයි බලාපොරොත්තු වුවද එය සිදු වුයේ නැත. ඒ අනුව අපේ න්‍යාපත්‍රයෙන් 25%ක් අපට තවම සම්පුර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඊට හේතුව ලෙස මා දකින්නේ 2015 දි අප පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කල තැනැත්තාගේ ප්‍රශ්ණය. ඔහු ඒ අවස්ථාවේ අප ඉදිරිපත් කලත් ඔහු මේ තනතුර සදහා කිසිසේත් සුදුසු නැහැ. ඔහු පළමු වසර තුළ මඳක් හොඳින් සිටියත් පසුව ඔහු ජනාධිපති ධුරයට කෑදර වන්නට වුනා. එක් වරක් පමණක් ජනාධිපතිධුරයේ සිටිනවා කියු ඔහු දැන් නැවත වරක් ජනාධිපතිධුරය ලබා ගැනිමට සැරසෙනවා.

2015 දි අපි අත්වැල් බැඳගත් සිවිල් ව්‍යාපාරය, එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ධනේශ්වරවාදය සමඟ තව දුරටත් ගමන් කළ යුතුද යන්න මේ අවස්ථාවේ සාකච්ඡාවට භාජනය වී තිබෙනවා. මාගේ පුද්ගලික අදහස නම් ඒ පැමිණි දුර දැන් අවසන් බවයි. ඔවුන් නැවත පැමිණියත් ඔවුන්ට නිසි වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් ගමන් කිරීමට උත්සාහ ගන්නේ මෙපමණ කලක් පැමිණි මාර්ගයේමයි. අලුත් ව්‍යවස්ථාවක් ගෙනේද යන්න විශ්වාසයක් නැහැ. එහෙයින් ලිබරල් ධනේශ්වරවාදය සමඟ අප පැමිණි ගමන දැන් අවසන් වී තිබෙනවා.

ලෝකයේ හැමතැනම අපි දකින්නේ තුන්වෙනි බලවේග ක්‍රියාත්මක වීමක්. එය දැන් රටවල් පුරා ව්‍යාප්ත වෙමින් පවතනවා. බොහෝ දෙනාට අද සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය එපා වී තිබෙනවා. විකල්ප බලවේගයක්, විකල්ප කණ්ඩායම් සෑදීම සඳහා අප ඉදිරිපත් විය යුතුව ඇත්තේ ඒ නිසා.

එමෙන්ම, නැවත හිස එසවීමට උත්සහ දරන රාජපක්ෂ රෙජීමයේ බලවේග පරාජය කරන්නට ද අප කටයුතු කළ යුතුයි. නමුත් එය පහසු කාර්යයක් වන්නේ නැහැ. මෙහිදි අපි විකල්ප බලවේගයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන අතර දී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරිමත් සහතික කර ගත යුතුයි.

ඒ සඳහා මම හිතන ආකාරයට අපි පළමු මනාපය දිය යුත්තේ විකල්ප ජනතා බලවේගයටය. ඉන් අනතුරුව අප දෙවැනි මනාපය ප්‍රයෝජනයට ගත යුතුය. දෙවැනි මනාපය දිය යුත්තේ ගෝඨාභයට විරුද්ධ ප්‍රභල අපේක්ෂකයෙකුටය. එලෙස දෙවැනි මනාපය පාවිච්චි කිරිමෙන් ගෝඨා පරාජය කිරිමේ වැඩපිලිවෙලට කිසිදු හානියක් වන්නේ නැහැ.





2019-08-30
Advertisement

Find us on Facebook