English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන්වුවන් සොයා අදත් සිංහල දමිල මව්වරු කොළඹට


අතුරුදහන්වුවන් සොයා අදත් සිංහල දමිල මව්වරු කොළඹට

බලහත්කාරයෙන් අතුරුදහන්වුවන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් උතුරේ හා දකුණේ දෙමාපියන් තම අතුරුදහන්වු දරුවන් පිළිබදව සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා අදත් කොළඹට පැමිණ තිබේ.

අතුරුදහන්වූවන් සම්බන්ධ යුක්තිය හා සාධාරණත්වය ලබා දීම සම්බන්ධවත්, නැවත එවැන්නක් ශී‍්‍ර ලංකා භුමිය තුළ සිදු නොවීම සම්බන්ධවත් ශී‍්‍ර ලංකා රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ලබා දුන් පොරොන්දු ප‍්‍රමාදයකින් තොරව ඉටුකර දෙන ලෙස ඉල්ලමින් සමාකාමී උද්ඝෝෂණයක් කොළඹදී සිදු කිරීමට නියමිත අතර, මේ සම්බන්ධව රජයට බලකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය ඇතුලූ තානාපති කාර්්‍යාල වෙත පෙත්සම් බාරදීමත් අද සිදු කිරීමට නිමිතව තිබේ. මෙම කටයුතු සංවිධානය කරනු ලබන්නේ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසිනි.

එමෙන්ම, රජය විසින් පිහිටුවා ඇති අතුරුදහන්වුවන්ගේ කාර්්‍යාලය විසින්ද මෙම අතුරුදහන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිල උත්සවයක් සංවිධානය කර ඇති අතර, එම වැඩසටහන අද සවස 2 සිට පැවැත්වීමට නියමිතව තිබේ.




2019-08-30
Advertisement

Find us on Facebook