English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්ද -ගෝඨා ඝාතන තැත අසත්‍යයක්!


මහින්ද -ගෝඨා ඝාතන තැත අසත්‍යයක්!

පොලිස් අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියා හෝ ඊට අදාලව අත්අඩංගුවට ගෙන සිටින කිසිදු සැකකරුවෙකුගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හෝ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

ඉකුත් 18 වෙනි දින යුද හමුදාව විසින් පලෙයි රෝහලේ වෛද්‍යවරයෙකු වු සින්නයියා සිවරූබන් යන අය අත්අඩංගුවට ගනු ලැබුයේ ත්‍රස්තවාදි ක්‍රියා සම්බන්ධයෙනි. පසුව ඔහුව යාපනය ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය වෙත බාර දි තිබු අතර, එහිදී කළ මුලික විමර්ශන වලින් හෙළි වු කරුණු මත සින්නමනි තනේෂ්වරම්, ඉරත්තිනම් ක්‍රිෂ්ණරාසා, මෝහනසුන්දරම් සින්නතුරේ හා විනයාගමුර්ති නෙජිලන් යන සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් යාපනය වෙත ගියහ. එහිදි ප්‍රධාන සැකකරුගෙන් හෙළි වු කරුණු මත ගිණි අවි, පුපුරණ ද්‍රව්‍ය, අත් බෝම්බ කිහිපයක් සොයා ගැනිමට හැකි විය.

එමෙන්ම ඊයේ (28) දින ටී.නිමලරාජ් හා රූබන් ජතුසන් යන දෙදෙනාවද අත්අඩංගුවට ගනු ලැබුණි.

ඇතැම් මාධ්‍ය මෙහිදි වාර්තා කර තිබුණේ එම සැකකරුවන්ගේ පාපොච්චාරණ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්නට සැලසුම් කර තිබූ බවය.

එහෙත් එම මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ කිසිදු සැකකරුවෙකුගෙන් මෙතෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාපක්ෂ මහතා ඝාතනය කිරිමේ කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බවත්, එම පුවත් අසත්‍ය පුවත් බවටත් පොලිස් මුලස්ථානය නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි.

-ශානිකා මාධවී-




2019-08-29
Advertisement

Find us on Facebook