English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීට අධිචෝදනා ගොනු කරයි!


තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධව හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීට අධිචෝදනා ගොනු කරයි!

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ආන්දෝලනාත්මක ඝාතනයක් වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධව සාක්ෂි වසන් කිරීමට කටයුතු කිරීමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා (අගෝස්තු 27) කටයුතු කරන ලදී.

මෙම වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර මහතා විසින් ලබා දුන් අධීකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වූයේ එය රථවාහන අනතුරකින් පසු ඇතිවූ ගින්නක් හේතුවෙන් සිදු වූ බවයි. නමුත් පසුව තාජුඩීන් මහතාගේ සිරුර අධිකරණ නියෝග මත ගොඩ ගෙන සිදු කරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිදරව් වූයේ තාජුඩීන් මහතා උල් ආයුධයකින් ඇන ඝාතනය කොට පසුව ගිනි තැබීමක් සිදු කර ඇති බවයි.

-දුලාන් දසනායක-




2019-08-29
Advertisement

Find us on Facebook