English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආන්දෝලනාත්මක රතුපස්වල, එක්නැලිගොඩ හා ඇවන්ට් ගාඩ් නඩු සඳහා ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩල නම් කරයි.


ආන්දෝලනාත්මක රතුපස්වල, එක්නැලිගොඩ හා ඇවන්ට් ගාඩ් නඩු සඳහා ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩල නම් කරයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ දැඩි මහජන විරෝධයට ලක් වූ බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කල නිරායුධ රතුපස්වල සිවිල් වැසියන්ට ජීව උණ්ඩ යොදා වෙඩි තබමින් සිව් දෙනෙකු ඝාතනය කිරීම හා තවත් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමට අදාළ නඩුවත්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවත්, ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධ නඩුවත් සඳහා අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාගේ ඉල්ලීම මත ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩල පත් කර ඇත.

ඒ අනුව රතුපස්වල නඩුව හා ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධ නඩු සඳහා මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මැතිතුමාගේ සභාපතිත්වයෙන් හා ආදිත්‍ය පටබැඳිගේ හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුතුමන්ලා අනෙක් සාමාජිකයන් කරමින් ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කර ඇත.

මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුව සඳහා මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මැතිතුමාගේ සභාපතිත්වයෙන් හා සම්පත් විජේරත්න හා ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුතුමන්ලා අනෙක් සාමාජිකයන් කරමින් ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයක් පත් කර ඇත.

මෙලෙස විනිසුරු මණ්ඩල පත් කර ඇති නඩු කටයුතු තුනටම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් එවක ආණ්ඩුවේ සුපිරි බලගතු ආරක්ෂක ලේකම්වරයාව සිටි අද ජනාධිපති අපේක්ෂකයෙක් වී සිටින ගෝඨාභය රාජපක්ෂගේ බලපෑම තිබූ බවට මහජනයාගේ චෝදනාවට ලක් වී තිබුණි.

-දුලාන් දසනායක-




2019-08-29
Advertisement

Find us on Facebook