English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඝෝඨාගේ මැතිවරණ පොරොන්දුවට කාදිනල්ගෙන් පිළිතුරක්!


ඝෝඨාගේ මැතිවරණ පොරොන්දුවට කාදිනල්ගෙන් පිළිතුරක්!

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන් නැඟු ප‍්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වන්නේ පවතින රජයෙන් මිස වෙනත් පුද්ගලයින්ගෙන් නොවන බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි.

උන් වහන්සේ මේ බව ප‍්‍රකාශ කර සිටියේ ඊයේ (27) මහනුවරදීය. ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති කාදිනල්වරයා සමඟ මහනුවර ශ‍්‍රි දළදා මාළිගාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප‍්‍රකාශ කර තිබේ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව මෙතෙක් ජනතාවට දැන ගැනීමට නොහැකි වී ඇති බවත්, මෙහි සැබෑ තොරතුරු ජනතාව දැන ගත යුතු අතර ඔවුන්ට සැබෑ සැනසීමක් ලැබීමට නම් සත්‍ය හෙළි කළ යුතුව ඇති බවත්, උන් වහන්සේ මෙහිදී පැවසිය.

එමෙන්ම තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටින අතර, තමන් පිළිතුරු බලාපොරොත්තු වන්නේ පවතින රජයෙන් මිස වෙනත් පුද්ගලයින්ගෙන් නොවන බවද පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව සෙවීමට ස්වාධීන කොමිෂමක් වහාම පත් කරන ලෙසත් සත්‍ය තොරතුරු හෙළි කරන ලෙසත් ඉකුත් දිනෙක කාදිනල්වරයා රජයෙන් ඉල්ලා තිබුණි.

එහිදි මෙවර පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමන් බලයට පැමිණි විගස මේ පිලිබඳ සෙවීමට ස්වාධීන කොමිසමක් පත් කරන බවය.

ඔහුගේ මෙම නිවේදනය බොහෝ දෙනෙකුගේ විවේචනයට හා අප‍්‍රසාදයට ලක් වුයේ පාස්කු ප‍්‍රහාරයක් දේශපාලනයේ මැතිවරණ පොරොන්දුවක් බවට පත් කර ගැනිම පිළිබඳවය.

-ශානිකා මාධවී-




2019-08-28
Advertisement

Find us on Facebook