English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවට ඉදිරියටත් ජාත්‍යන්තර පොලිසීයේ සහාය


ශ්‍රී ලංකාවට ඉදිරියටත් ජාත්‍යන්තර පොලිසීයේ සහාය

ලංකාවට තවදුරටත් ජාත්‍යන්තර බලපෑමක් තිබේ නම් ඒවා මැඩ පැවත්වීමට අවශ්‍ය සියලු සහාය ලබා දීමට සුදානම් බව ජාත්‍යන්තර පොලිසීයේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ ඊයේ  (27) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදිය.

ජර්ගන් ස්ටොක් මහතා ජර්මන් පොලිස් සේවයේ වසර ගණනාවක් සේවය කර ඇති අයෙකු වන අතර 2014 දෙසැම්බර් 07 වෙනි දින ඔහු ජාත්‍යන්තර පොලීසියේ මහලේකම්වරයා ලෙස පත්වී ඇත.

ඉකුත් අප්‍රේ‍ල් 21 දා සිදු වු පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමට ශ‍්‍රි ලංකා රජය හා පොලීසිය ලබා දුන් සහායට ස්තුතිය පළ කිරිම මෙහිදි ඔහු විසින් සිදු කරන ලදී.

එමෙන්ම ජාත්‍යන්තර පොලිසියේ මහලේකම්වරයා ප‍්‍රකාශ කර සිටියේ ලංකාවට තවමත් ජාත්‍යන්තර බලපෑමක් තිබෙනවාද යන්න මෙරට විමර්ශකයින් තීරණය කළ යුතු බවය.

මෙම ජාත්‍යන්තර පොලීසියේ මහලේකම්වරයා ඉකුත් 26 වෙනි දින ලංකාවට පැමිණි අතර ඊයේ උදෑසන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමු විය. එහිදි පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම හා විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයාට ප‍්‍රශංසා කරමින් සමරු ඵලකයක්ද ලබා දීමට කටයුතු කර තිබුණි. ඉන් අනතුරුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී ඇති අතර, සවස මාධ්‍ය හමුවට සහභාගි විය. එම මාධ්‍ය හමුවෙන් පසු ඔහු මෙරටින් නික්ම ගොස් තිබේ.

-ශානිකා මාධවී-




2019-08-28
Advertisement

Find us on Facebook