English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය අපේ‍්‍රල් මාසයේ...?


ජනාධිපතිවරණය අපේ‍්‍රල් මාසයේ...?

ජනාධිපතිවරයාගේ පසුගිය කි‍්‍රයාකාරීත්වය දෙස සැලකිල්ලෙන් බැලීමේ දී පෙනී ගියේ ජනාධිපතිවරණය පැවැත්වීම මසකින් හෝ කල් දමා ගැනීමට ඔහුගේ අභිප‍්‍රාය වී ඇති බවයි. පසුගියදා ඔහුගේ ධුරකාලය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසු අතර, එහිදී ප‍්‍රකාශ වුයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ඔහුගේ ධුරකාලය අවුරුදු 6ක් නොව 5ක් වන බවයි.

ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සදහා සූදානම් වූ අතර, එහි සභාපතිවරය විසින් ජනාධිපතිවරණය නොවැම්බර් හා දෙසැම්බර් මාසය අතර අනිවාර්යෙන් පවැත්විය යුතු බවත් එය කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි බවත් ප‍්‍රකාශ කරනු ලැබීය.

නමුත් දැන් තවත් අලූත් කතාවක් ආරම්භ වී තිබේ. ඒ වර්තමාන ජනාධිපතිවරයාගේ ධුරකාලය වන වසර 5 ගණනය කරනු ලබන්නේ කවදා සිටද යන්නයි. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කරුණු දක්වනන් ප‍්‍රකාශ කරනු ලබන්නේ එය ආරම්භ වන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබූ දින සිට එනම්, 2015 මැයි 15 වන දින සිට බවයි.

ඒ අනුව, අතීතයට බලපාන සේ නීති සැකසීමක් සිදු කිරීමට නොහැකි බැවින්, ජනාධිපතිවරයාගේ ධුරකාලය ආරම්භ වන්නේ 2015 ජනවාරි 08 වෙනිදා සිට නොව 2015 මැයි මස 15 වනදා සිට බව ඔවුන් විසින් පෙන්වා දෙයි. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 මාර්තු හෝ අපේ‍්‍රල් මාසය තුළ බව ඔවුන් වැඩි දුරටත් පවසයි.
     
 



2019-08-28
Advertisement

Find us on Facebook