English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“කිසි විටෙක කථානායකධුරයට සමු දී මඟ හැර යන්නේ නෑ” - කථානායක


“කිසි විටෙක කථානායකධුරයට සමු දී මඟ හැර යන්නේ නෑ” - කථානායක

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදු කෙරන ක්‍රියාවලියකදි තමන් කිසි විටෙක කථානායකධුරයට සමු දී මඟ හැර යන්නේ නැති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

2018 ඔක්තෝම්බර් මස 26 වෙනි දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දීමේ නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවාදි විරෝධී ක්‍රියාවලියක් වැනි සිදුවීමක් යළි උද්ගත වුවහොත් තමන් කථානායක ධුරයෙන් ඉවත්ව යන බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නොමැති අතර, ඇතමුන් එලෙස අනුමාන කරන බවට පෙනී යන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

නීති විරෝධි ක්‍රියාවලියක් පාර්ලිමේන්තුවේ ඇතිවුවහොත් එහිදි ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියා මාර්ග ගැනිමට තමන් කිසිවිටෙකවත් පසුබට නොවන බවද කථානායක කරු ජයසුරිය මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.

එමෙන්ම යළිඳු එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ උද්ගත වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද කථානායකවරයා පවසයි.

-ශානිකා මාධවී-




2019-08-27
Advertisement

Find us on Facebook