English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රොෂේන් ශානක වෙනුවෙන් අදත් .... ඔක්තෝබර් 01


"ඇත්තටම කිව්වොත් වෙඩි තබා ඝාතනය කළ රොෂේන් ශානක වෙනුවෙන් පමණක් නෙවෙයි මේ විධියට ඇවිත් හැම මාසේම පළමුවෙනිදාට මේ ස්ථානයේදිම අපි මෙහෙම හිටගෙන නිහඩ විරෝධතාවයක යෙදෙන්නේ. එදා මේ සටනේදි රොෂේන් එක්ක තුවාල ලබපු අය සිටිනවා. මගේ මතකයේ හැටියට ඔත්පලවෙලා ඉන්න අයත් සිටිනවා. මේ හැමදෙනාටම සාධාරණයක් වෙන්න  ඕනේ." යනුවෙන් පොලිස් වෙඩිපහරින් තුවාල ලබා ජීවිතක්‍ෂයට පත්වුණු රොෂේන් ශානකගේ මව, ස්වර්ණකාන්ති පෙරේරා මහත්මිය අයිතියට ප‍්‍රකාශ කළේය.

අද, 37වන වතාවටත් කළාපයේ විවිධ සංවිධානවල නියෝජිතයෝද , අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සාමාජීකයින් ද, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් ද, කතෝලික ආගමීක අංශයෙන් හා කිතුසර පුවත්පතෙහි සාමාජිකත්වයන් ද කටුණායක පොලීසිය ඉදිරිපිට වටරවුමට ඒකරාශීවී පස්වරු 5.00 සිට පැයක නිහඩ උද්ඝෝෂණයක නිරතව සිටියහ. 

ඔවුන් සිය අතදරා සිටී බැනර් වලින් කියා සිටියේ රොෂේන් ඝාතන නඩුවට සාධාරණය ඉෂ්ට කරන්න, ස්වාධීන පරික්‍ෂණයක් පවත්වා අපරාධකරුවන්ට ඳඩුවම් ලබාදෙන්න, ඝාතනය ගැන ජනාධිපති කොමිසමේ නිර්දේශ කෝ ?, ඝාතනයට හා ප‍්‍රහාරයට ලක්වු කළාපයේ සොයුර-සොයුරියන් වෙනුවෙන් ඔබේ වගකීම ? කුමක් ද යනුවෙනි.

රොෂේන්ගේ මරණ සහතිකය ලබාගැනීම සඳහා දින තුනක් අදාළ අධිකරණ කාර්යාලයට ගිය ද, තවමත් එම මරණ සහතිකය තමන්ට ලබාගැනීමට නොහැකි වු බව රොෂේන්ගේ මව ස්වර්ණකාන්ති මහත්මිය අයිතියට කීවේය.

මරණ සහතිකය ඇයට පෙන්වා ඇති අතර එහි රොෂේන් ගේ නම, රොෂාන් චානක ලෙසට වරද්දා දමා තිබු බවත් මරණයට හේතුව කුමක්ද යන්න සටහන් කර නොතිබුණු බවත් ඇය පැවසීය. 

නිදහස් වෙළෙඳ කළාප සහයෝ්ගිතාවය මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කරතිබුණි.


-MMP



2014-10-01
Advertisement

Find us on Facebook