English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාස්කු ප්‍රහාරයෙන් ගොඩයන්න දඟලන ඝෝඨා!


පාස්කු ප්‍රහාරයෙන් ගොඩයන්න දඟලන ඝෝඨා!

බලයට පැමිණි විගස කාදිනල්තුමාගේ ඉල්ලීමට අවධානය යොමු කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කරන බවට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දින නිවේදනයක් නිකුත් කිරිම දැඩිලෙස හෙළා දකින බව මහජන අයිතීන් සුරැකීමේ පදනම පවසයි.

කතෝලික ජනතාව හා මෙරට මහජනතාව දේශපාලකයන් පාවාදුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාද දැනුවත්ව සිටි බවත් ප්‍රජාතන්තවාදි රටක විපක්ෂ නායකවරයාගේ වගකීම වන්නේත් රජය නිසි ලෙස කටයුතු නොකරන්නේ නම් නොපමාව ජනතාව ආරක්ෂා කිරිම බවත් එය විපක්ෂයෙන් සිදු වි නොමැති බවත් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂක හා ජාතික සංවිධායක වු අසේල සම්පත් හා එහි මාධ්‍ය අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙම නිවේදනය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත අද (26) දින යොමු කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා සමයේදි සිදු වු අපරාධ අමතක නොවන බවත් තමාට බලය තිබෙනා සමයෙහි සත්‍ය සොයා නොගිය මෙවැනි පුද්ගලයින් නැවත බලයට මෙවැනි පහත් ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

කාදිනල්තුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර මැතිවරණ පොරොන්දුවක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දි ඇත්තේ නිවේදනයකින් වන අතර මෙවැනි ප්‍රකාශ කෙරෙහි දැඩිව අවධානය යොමු කරන ලෙසත් එම නිවේදයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 


-මාධවී පීරිස්-




2019-08-26
Advertisement

Find us on Facebook