English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය


මානව හිමිකම් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති වර්ෂ 2017 සිට 2021 දක්වා කාලසීමාව සඳහා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම යටතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති වධහිංසාව ඇතුළු කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි වලින් හා දඩුවම් වලින් වැළකීමේ අයිතිවාසිකම සුරැකීම පිණිස මෙම ක්‍රියාකාරී සැලැස්ම තුළ වෙනම පරිච්ඡේදයක් "වධහිංසාව වැළැක්වීම" යන ශීර්ෂය යටතේ අන්තර්ගත කොට පවතී.

මේ යටතේ රාජ්‍ය ආයතන කිහිපයකට වගකීම් පවරා ඇති අතර, ඒ යටතට ජාතික පොලිස් කොමිෂන් සභාවද අයත්වේ. මෙහිදී වධහිංසාව වැළැක්වීම සම්බන්ධයෙන් වගකීම් කිහිපයක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැවරී තිබේ. එනම් වධහිංසාවට අදාළ පැමිණිලි පිළිගැනීම සහ විමර්ශනය කිරීමේ වගකීමට බැදී සිටින පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන ඒකකයක් පිහිටුවීම සඳහා සුදුසු නීති කෙටුම්පත් කිරීම, වධහිංසා සිද්ධීන් සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කොට පවත්වා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම, වධහිංසා සිද්ධි පිළිබඳ පැමිණිලි වාර්ථා කිරීම විමර්ශනය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස් කොමිසම තුළ විශේෂ ඒකකයක් පිහිටුවීම, පොලීසියේ වෘත්තීමයභාවය හා මහජන කටයුතු සමග සම්බන්ධවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා දීම, වධහිංසා සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරින්ට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම, වධහිංසා පැමිණිලි සම්බන්ධයෙන් ජාතික මට්ටමේ දත්ත ගබඩාවක් පවත්වා ගැනීම ඇතුළු වගකීම් රාශියක් පැවරී තිබේ.

මෙම වගකීම් කොතෙක් දුරට මේ වන විට ක්‍රියාත්මක වී තිබේදැයි 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පහත තොරතුරු ඉදිරිපත් කොට තිබේ.

2018 වර්ෂයේ මැයි මස සිට දෙසැම්බර් මස දක්වා ලැබුනු පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග



2019 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා ලැබුනු පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග



හිරෝශාන් ලක්ෂාන්



2019-08-26
Advertisement

Find us on Facebook