English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරින් එපා! - ගෝලීය ද්‍රවිඩ සංසදය


සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරින් එපා! - ගෝලීය ද්‍රවිඩ සංසදය

මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරින් සහභාගි කර නොගන්නා ලෙසට ගෝලීය ද්‍රවිඩ සංසදය එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිවේදනයක් මඟින් යෝජනා කර තිබේ.

ශ්‍රි ලංකාවේ නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරිමට විරෝධය පල කරමින් මෙම නිවේදනය යොමු කර තිබේ.

එල්.ටි.ටි.ඊ සංවිධානයට හිතවාදී සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංවිධානයේ නායකයා වන්නේ එම්මානුවෙල් දේවගැතිවරයාය. ඔහුගේ නායකත්වයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, වැඩිදුරටත් එහි මෙසේද සඳහන් කර තිබේ.

යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි පුද්ගලයින් පත් කරමින් අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියා ශ්‍රී ලංකාව කරමින් සිටින අවස්ථාවක  ජාත්‍යන්තරයක් වශයෙන් අපද ඊට සුලු විරෝධයක් එල්ල කල යුතුව ඇත. එහි එක් අවස්ථාවක් ලෙසින් ලබන මස ජීනිහිවා හී  පැවැත්වෙන 42 වෙනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේදි ලංකාවට එරෙහිව කරුණු දක්වන බවද එම නිවේදනයේ කියා සිටියි.

එමෙන්ම ලංකාවට ලබා දි ඇති බදු සහන ඉවත් කර ගැනිමට මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවේ හමුදා නිලධාරින් සහභාගි කර නොගන්නා ලෙසටද එම නිවේදනයෙන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමු කර තිබේ.

 

-ශානිකා මාධවී-




2019-08-26
Advertisement

Find us on Facebook