English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ රට නැවත පවුල් පාලනයකට ගෙනයන්න අංශු මාත්‍රයකින් හෝ බලාපොරොත්තුවක් නෑ! - කේ. ඩබ්ලිව් ජනරංජන


මේ රට නැවත පවුල් පාලනයකට ගෙනයන්න අංශු මාත්‍රයකින් හෝ බලාපොරොත්තුවක් නෑ! - කේ. ඩබ්ලිව් ජනරංජන

2015 ට පෙර තිබුණු ඒකාධිකාරි, මිලිටරිමය, අඥාදායක, පවුල් පාලනමය අඳුරු යුගයකට මේ රට ගෙනයන්න අංශු මාත්‍රයකින් හෝ බලාපොරොත්තුවක් නොමැති බව පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මාධ්‍යවේදී, නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන “යහපාලනයේ ඉදිරි මඟ” නම් පුරවැසි න්‍යාය පත්‍රය එළදැක්වීමේ උත්සව අවස්ථාවේදීය. මෙය සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරය,  පුරවැසි බලය, වමේ කේන්ද්‍රය ඇතුලු පුරවැසි ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.

එහිදි අදහස් දැක් වු නීතිඥ ජනරංජන මහතා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ලක්ෂ 62 ක ජනතාවකගේ ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා වෙලා හිටගත්තේ එවකට පුරවැසියන් විසින් සකස් කර තිබු පුරවැසි න්‍යාය පත්‍රය නැමැති වේදිකාව මතයි. ඒ න්‍යාය පත්‍රයේ තියෙන දේවල් දිවිහිමියෙන් ක්‍රියාත්මක කරන බවට ඒ මහත්තයා පොරොන්දු වු නිසා අපි හැමෝම ඔහුව ජනාධිපති ධුරයට පත් කළා. එතැන් සිට අවුරුදු හතර හමාරක් ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල අපිට පෙනිලා තියෙන දෙයක් තමා අපි බලාපොරොත්තු වෙච්ච න්‍යාය පත්‍රයේ සමහර දේවල් අපිට කර ගන්නට පුලුවන් වෙලා තියෙනවා. හැබැයි ඒවා සුළුපටු වෙනස්කම්, සුළුපටු පරිවර්තනයන් නෙමේ. ඒවා ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතාම වැදගත් වෙනස්කම්. නමුත් ඒ න්‍යාය පත්‍රයෙන් සෑහෙන කොටසක් තවමත් අපට ඉෂ්ඨ කර ගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. එදා මහජන වේදිකාව නැමැති පුරවැසි න්‍යාය පත්‍රය මත සිට ගත්ත දේශපාලන නායකයන්ට ඒ පුරවැසි න්‍යාය පත්‍රයේ කරුණු අවසානය දක්වා රැගෙන යාමට දේශපාලන අධිෂ්ඨානයක් තිබුණේ නැහැ. ඒ වගේම පුරවැසියන් ලෙසත් අපි සිතිය යුතුයි මේ කරුණු ඉටු කර ගන්න අපි නායකයින්ට ප්‍රමාණවත් තරම් බලපෑමක් කළාද ? යන්න. මේ දෙපැත්තම සලකා බැලුවහොත් නැවත වාරයක් අපි අභියෝගයකට මුහුණ පාලා සිටිනවා. මෙහිදි අපි පුද්ගල අභිවාදන පස්සේ යන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ එහෙම ගිහින් මේක ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා. මේක බරපතල සටනක්. අපි නැවත වාරයක් මුහුණ දීලා සිටින්නේ 2015 ටත් වඩා භයානක, ඓතිහාසික මොහොතකට. 2015 දි අපි ගොඩනගා ගත්තු, දේශපාලන පක්ෂ සක්‍රිය දායකත්වයක් සපයපු, පුරවැසි සංවිධාන- රාජ්‍ය නොවන සංවිධාන සක්‍රිය දායකත්වය සපයපු වෘත්තිකයන්ගේ සංවිධාන, වෘත්තිය සමිති, කලාකරුවෝ ආදි සමාජයේ හැම ස්ථරයක්ම නියෝජනය වෙන පිරිස දායකත්වය සපයපු, එමෙන්ම මේ රටේ යුක්තිගරුක මහජනතාව නම් පෙරමුණ තුල පමණයි අපිට නැවත වරක් ජයග්‍රහණය කරන්න පුලුවන්.

 

-මාධවී පීරිස්-




2019-08-26
Advertisement

Find us on Facebook