English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආන්දෝලානාත්මක අපරාධ 6 ක වාර්තා දැන් නීතිපතිවරයා අතේ..


නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබු ප‍්‍රධාන විමර්ශන 06 ක වාර්තා ඊයේ (22) දින නීතිපතිවරයා වෙත ලබා දි තිබේ. සමාජයේ ආන්දෝලනයට ලක් කල ප‍්‍රධාන විමර්ශණ 06 ක කරුණු රැසක් පිලිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉකුත්දා  (18) වාර්තාවක් කැදවා තිබුණි.

රගර් ක‍්‍රීඩක තාජුඞීන් ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී  ලසන්ත  වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දිමේ සිද්ධිය,  සහන සේවයේ යෙදුන මුතූර් ප‍්‍රදේශයේ පුද්ගලයින් 17 කු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ  සිද්ධිය  හා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි  දමිළ  තරුණයින් 11 කු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට  විමර්ශන  පවත්වනු ලැබේ.

නමුත් මෙම සිද්ධීන් වලට අදාල විමර්ශන කටයුතු බොහෝ ප‍්‍රමාද වන බව නිරික්ෂණය කළ නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට ඉකුත් 15 වෙනි දින උපදෙස් ලබා දි තිබුණේ මෙම සිද්ධීන්  05 ට අදාල විමර්ශන කටයුතුු කඩිනමින්  අවසන් කර උදෘත ගොනු වහාම තමන්ට ලබා දෙන ලෙසය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින්  එකී සිද්ධීන් 05 ට අදාලව මෙන්ම අමතරව මාධ්‍යවේදි ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්ධියේ  විමර්ශනද ඇතුලුව  ඊට අදාල කරුණු විමසීමක් (18)  දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙතින් කරන ලදි.

මෙම වාර්තා වල මෙකී විමර්ශන  ආරම්භ කිරිම සදහා උපදෙස් ලැබුණු දිනය, විමර්ශන  ආරම්භ කළ දිනය, විමර්ශනයේ වර්තමාන තත්ත්වය ආදි කරුණු ඇතුලත් කර තිබේ.

මෙම වාර්තා ඊයේ දින නීතිපතිවරයා වෙත යවා ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් මෙකී සිද්ධීන් පිලිබද ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට නියමිතව තිබේ.

අමිල අධිකාරී




2019-08-23
Advertisement

Find us on Facebook