English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කටාන පොලිස් ස්ථානාධිපති පහරදී කොස්තාපල් රෝහලේ


රාජකාරිය තුලදි කටාන පොලිස් ස්ථානාධිපතිවරයා  පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි (03) විසින්  විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කටාන පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් (93445) නලීන් ප‍්‍රබුද්ධ සෙනෙවිරත්න නම් විසි හතර හැවිරිදි තරුණයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් සම`ගින් ඉකුත් 20 වෙනි දින කටාන පොලිස් වසමේ දේවස්ථානයක  රාජකාරියේ සදහා යොදවා තිබේ. එදින දහවල් පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ව අධීක්ෂණය කිරිමට යන අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියා එම ස්ථානයේ රුදි සිට නොමැත.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයාව නිල කාමරයට ගෙන්වා පහරදී ඇති බව වාර්තා වේ. පහර කෑ පොලිස් නිලධාරියා තමුන්ගේ මුහුණට හා බඩට පහර දුන් බව පවසමින් මීගමුව රෝහල වෙත ඇතුලත්ව තිබේ.
මෙම සිද්ධියේදි මෙකී පොලිස් කොස්තාපල්වරයා සැබවින්ම රාජකාරිය පැහැර හැරිමක් සිදු කර ඇත්ද? පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පහර දි තිබේද? යන්න මෙම විමර්ශනයෙන් පසු අනාවරණය කර ගත හැකි වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සදහන් කර සිටියේය.

ශානිකා මාධවී





2019-08-23
Advertisement

Find us on Facebook