English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශක්තිමත් ආණ්ඩු හැමදාම ජනතාවගේ නිදහස සීමා කළා - නීතිඥ දුලාන් දසනායක


ශක්තිමත් ආණ්ඩු හැමදාම ජනතාවගේ නිදහස සීමා කළා - නීතිඥ දුලාන් දසනායක

යුද ජයග‍්‍රහණයෙන් පසුව රටේ ශක්තිමත් පාලනයක් බිහි වුණත් අපේ අයිතිවාසිකම් දරුණු ලෙස විනාශ වු බව නීතීඥ දුලාන් දසනායක මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ හම්බන්තොට, නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවති නිදහසල ප‍්‍රජාතනත්ත‍්‍රවාදය හා මානව හිමිකම් යන මාතෘකාව යටතේ පැවති මහජන මන්ත‍්‍රණ සභාවට සහභාගී වෙමිනි.

එහිදි තව දුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඒ මහතා ,
නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින නායකයා ශක්තිමත් නායකයෙක්. මහජනතාව විදිහට අප කල යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින, මානව හිමිකම් රකින නායකයෙකු සොයා ගැනිමයි. නමුත් කණගාටුවට කරුණක් වන්නේ එහෙම පුද්ගලයින් අපට නැති එකයි. කිසිදු දේශපාලන පක්ෂයක එහෙම පුද්ගලයෙක් නැහැ. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාවේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ මර්ධනය කර තිබු මානව හිමිකම්, ප‍්‍රජාතන්තවාදී නිදහස සුරකින්න කටයුතු කරපු නිසා. මහත්මා ගාන්ධි ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ ඒවා සුරකින්න කටයුතු කළ නිසා. නමුත් අපිට හොයා ගන්න බැරිවෙලා තියෙනවා එහෙම එකදිගට අරගල කරන නායකයෙක්. මීට පෙර ශක්තිමත් නායකයෝ ලංකාවේ ඉදලා තියෙනවා. නමුත් දැන් අපට එහෙම කෙනෙක් පේන්න නැහැ.

යුද ජයග‍්‍රහණයෙන් පස්සේ ශක්තිමත් පාලනයක් ලංකාවේ බිහි වුණත් අපේ අයිතිවාසිකම් දරුණු ලෙස කා දැමුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරුන් ඉවත් කරන මට්ටමකට ගියා. අනවශ්‍ය ලෙස ශක්තිමත් වුණු නායකයින් හැමවේලේම මහජනතාවට කරන්නේ පීඩා. ඒ බලය දෙන්නේ කවුද? දෙන්නේ මිනිස්සුන්මයි. මිනිස්සු හැමවේලේම සිතිය යුත්තේ අපි මොන පක්ෂයක සිටියත් නිදහස, ප‍්‍රජාතන්වාදය, මානව අයිතිවාසිකම් රැුකගන්නයි. පක්ෂයක් ඇතුලින් එළියට එන්න  ඕනේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාද නිදහස දිවිහිමියෙන් රකින්න පුලූවන් අයයි. එහෙම නැති මිනිස්සු පක්ෂ තුලින් ඉදිරියට එන්නේ මිනිස්සු ඒ අයිතිවාසිකම් ගැන හිතන්නේ නැති නිසයි. පාක්ෂිකයෝ ඉල්ලන්නේ වෙනත් දේවල්. ඒ නිසා පාක්ෂිකයෝ දැන ගන්න  ඕනේ මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් මිනිස්සු නායකයෝ බවට පත් කර ගන්න. ඒ මතය අපි හදන්න  ඕනේ. පාක්ෂිකයෝ ඉන්නේ ඒ මතයේ නම් නායකයින්ට සිද්ධ වෙනවා ඉබේම ඒ තැනට තල්ලූ වෙන්න.

මානව හිමිකම් ආරක්ෂා කරගන්න අද සිවිල් සංවිධාන රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා. එක්දහස් නවසිය අසු ගණන් වල සිටම ඔවුන් මේ සදහා පෙනී ඉන්නවා. අපි දන්නවා සාමාන්‍ය මනුස්සයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන්න විශාල මුදලක් යනවා. නමුත් මේ සිවිල් සංවිධාන ඒ මානව හිමිකම් උල්ලංඝනය වන පුද්ගලයින් සමග එක් වෙලා ඔවුන් සහාය ලබා දෙනවා මේ නඩු ගොනු කරන්න. මහජනයාට මේ අයිතිවාසිකම් ලැබුණේ වෙන කොහේවත් නෙමෙයි, සිවිල් සංවිධාන හා මහජනතාවගේ මැදිහත්වීම මතයි. එය රැකගෙන ඉදිරියට පවත්වගෙන යාමද මහජනතාවගේ වගකීමක්.

ශානිකා මාධවී




2019-08-23
Advertisement

Find us on Facebook