English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහ රාජපක්ෂ පරාජය කරපු අපිට පොඩි රාජපක්ෂ ප‍්‍රශ්ණයක් නොවෙයි


මහ රාජපක්ෂ පරාජය කරපු අපිට පොඩි රාජපක්ෂ ප‍්‍රශ්ණයක් නොවෙයි

ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂවරුන්ගේ නැවත ආගමනය වැලැක්වීමට සියලූම ප‍්‍රගතිශීලී පුරවැසි බලවේග එක්කරමින් දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන බවත්, එම බලවේගය හරහා ගෝඨාභය ඇතුලූ රාජපක්ෂවරු නැවතත් අනිවාර්්‍යයෙන් පරාජය කරන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියන් ප‍්‍රකාශ කරයි. අමිල හිිමියන් මේ අදහස් ප‍්‍රකාශ කලේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

උන්වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 2015 වසරේ දී සියලූ අවාසි සහගත තත්ත්වයන් සහ ජීවිත තර්ජන හා අභියෝග මත මේ රටේ මිනිසුන්ගේ ධෛර්ය හා ශක්තිය උඩ කිසිවෙකුට පරාජය කළ නොහැකි බව පැවසූ මහරජා ලෙස සැලකූ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට හැකි වුවා නම්, අනිත් පුංචි රාජපක්ෂවරු පරාජය කිරීම එතරම් කාර්යයක් නොවන බවයි.

යහපාලන රජය අප ඉදිරිපත් කළ පුරවැසි න්‍යායපත‍්‍රය මත කටයුතු කරමින් පසුගිය රජයන් කිසිවකට කළ නොහැකි වූ ප‍්‍රජාතන්තී‍්‍රය ප‍්‍රතිසංස්කරණ රාශියක් සිදු කළ බවත්, එසේ කරනු ලැබූ සංශෝධනයන් හි හදවත 19 වන ව්‍යවස්ථා සංශෝධනය බවත්, ඉන් ඇති කරනු ලැබූ වෙනස හරහා එතෙක් විධායකයට තිබු බලතල විශාල ප‍්‍රමාණයක් කප්පාදුවට පත් වී නීතියේ ආධිපත්‍ය තහවුරු වී අධිකරණය ඇතුලූ රාජ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කිරීම ආරම්භ කරනු ලැබූ බවත්, ඉන් ලැබු වෙනසෙහි ප‍්‍රථිලාභ දැනටමත් අප සියලූම දෙනා බුක්ති විදිමින් සිටින බවත් පැවසීය.

විධායක ජනාධිපති ක‍්‍රමය සම්පුර්ණයෙන් අහෝසිකිරීම, අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම, අපරාධ හා දුෂණ වංචාවන්ට සම්බන්ධ වූ අයට කඩිනමින් දඩුවම් කිරීමට නොහැකි වීම, ජාතික සමගිය ගොඩනැගීමට අවශ්‍ය දේශපාලණ ප‍්‍රතිසංස්කරණ සියල්ල සිදු කිරීමට නොහැකිවීම සම්බන්ධව අපට මෙම රජය සම්බන්ධව විවේචන ඇතත්, අනාගතයේ දී ඒවා දිනා ගැනීම සදහා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවත්, එසේ කර ගැනීමට නොහැකි වූ හා අනෙකුත් කළ යුතු සමාජීය, ආර්ථික හා දේශපාලන ප‍්‍රථිසංස්කරණ ඇතුලත් සිවිල් සමාජ ප‍්‍රථිපත්ති ප‍්‍රකාශණයක් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසීය.
 





2019-08-23
Advertisement

Find us on Facebook