English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අභූත චෝදනා සම්බන්ධව CID පරීක්ෂණයක් ITN ඉල්ලයි


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහීනිය සම්බන්ධයෙන් කරන ලද අභූත චෝදනා පිලිබ`ද විධිමත් හා කඩිනම් පරික්ෂණයක් ඉල්ලා ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමණාකරු විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව වෙත අද (22) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) දින සිය විජේරාම පිහිටි නිවසේ පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුවේදි ස්වාධීන රූපවාහීනියේ සභාපතිනිය තම පවුලට මඩගැසීම ස`දහා අදාල පුවත් වාර්තාකරණ ලෙස ප‍්‍රාදේශිය වාර්තාකරුවන්ට දැනුම් දී ඇති බව පවසා තිබුණි. මීට විමල් වීරවංශ සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල යන මන්ත‍්‍රිවරුන්ද සනාථ කිරිමට උත්සහ දැරු බවත් ඒ බව ඊයේ රාත‍්‍රියේ පුද්ගලික විද්්‍යුත් නාලිකාවකින් විකාශය කළ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් ස`දහන් වේ.

ස්වාධීන රූපවාහීනියේ සභාපතිනිය හෝ ඉහළ කළමණාකාරීත්වය කිසිදු අවස්ථාවක එවන් ප‍්‍රකාශයක් හෝ නියෝගයක් කර නොමැති බවත් මෙය තම නාලිකාවට හානියක් කිරිමේ අරමුණින් සිදු කර ඇති එකක් බවත් මේ නිසා මේ පිලිබ`ද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමණාකරු ඩෙස්මන් චතුරංගද අල්විස් මහතා විසින් මෙම පැමිණිල්ල අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.

ශානිකා මාධවී




2019-08-22
Advertisement

Find us on Facebook