English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය හා දෙවැනි මනාපය


1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් හදුන්වාදුන් නවාංග අතුරින් එක් ප්‍රධාන නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක. 1978 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වු J.R ඡයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ඡනපති සතු කිරීමට ක්‍රියා කර ඇත.ලංකාවේ මුල් ම විධායක ඡනාධිපති වු  J.R ඡයවර්ධන ප්‍රකාශ කළේ "මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැණියෙකු කිරිමත්ය යන්නයි" එම ප්‍රකාශය තුළින් විධායක ඡනපති සතු කර ඇති බලය මනාවට පිළිඹිඹු වේ. කෙසේවුවද 19 වන ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විට විධායක ජනාධිපතිධූරයේ බලතල සැලකිය යුතු මට්ටමකට සීමා කිරීමකට ලක් කොට තිබේ.

1978 ව්‍යවස්ථාවට අනුව ඡනාධිපති පත් වන්නේ සමානුපාතික ක්‍රමයේ එන මාරු කල හැකි තනි ඡන්ද  ක්‍රමයටය.එහි දී ප්‍රකාශිත ඡන්ද වලින් 50% කට වඩා ඡන්ද ලබා ගන්නා අ‍ෂේක්‍ෂකයා ඡනාධිපති ධුරය උදෙසා තෝරා පත් කරලනු ලබයි.ඡනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස පිළිගනු ලබයි. ඡනපති අපේක්‍ෂකත්වය සඳහා වයස අවුරුදු 30 ඉක්ම විය යුතුය, ශ්‍රී ලංකා පූරවැසියෙක් විය යුතුය, දෙවරකට වඩා ඡනාධිපති වුවෙක් නොවිය යුතුය, දෝෂාභියෝගයකින් ඉවත් කල අයෙකු නොවිය යුතුය යන මුලික සුදුසුකම් සම්පූර්ණ කළ යූතුයි.

ඉහත සූදූසූකම් සපුරා ඇති පුද්ගලයෙකුට ඡනපති අපේක්‍ෂකත්වය ක්‍රම දෙකකට ලබා ගත හැක. එනම් දේශපාලන පක්‍ෂයකින් තරග කිරීම හෝ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමයි. ඡනාධිපතිධූරය උදෙසා අපේක්‍ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් වන්නේ නම් ඡන්දදායකයාට තමා කැමති අපේක්‍ෂකයෙකුට ඡන්දය ලබා දිය හැකිය.එහි දී 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ලන්නා අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කර ගනු ලබයි. ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් වී ඇති මොහොතක, ඡන්දදායකයාට මනාප දෙකක් සලකුණූ කිරීමට අවස්ථාව සැලසේ. එහි දී පළමු‍වෙන් ගනණය කරන්නේ පළමු මනාපයයි. 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස පත් වේ. කිසිදු අපේක්‍ෂකයෙකු හෝ 50%ක් ලබාගෙන නොමැති නම් මුල්වටයේ දී වැඩිම ඡන්ද ලබා ගත් දෙදෙනා පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කර, ඉවත් වූ අපේක්‍ෂකයින්ගේ දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්ද වලට පිළිවෙළින් එකතු කරනු ලැ‍බේ. එහි දි ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා පත් කරගනු ලබයි.

ඡනාධිපතිවරණය උදෙසා අපේක්‍ෂකයින් තිදෙනෙකුට වඩා ඉදිරිපත් වන්නේ නම් 1,2,3 වශයෙන් මනාප 03ක් පළ කිරීමේ හැකියාව ඡන්දදායකයාට හිමි වේ. පළමු වටයේ දී 50% ඡන්දප්‍රතිශතයක් ලබා ඇති අපේක්‍ෂකයා ඡනපති ලෙස තෝරා ගනී. නමුත් මුල් වටයේ දී 50%ක් ලබා ‍ගෙන නොමැතිනම්, මුල් වටයේ දී වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් පමණක් තෝරා ගෙන ඉතිරි අපේක්‍ෂකයින් ඉවත් කරනූ ලැබේ. ඉවත් කළ අපේක්‍ෂකයින්ගේ ඡන්ද පත්‍රිකාවල ඇති දෙවන මනාපය සක්‍රීය ඡන්දයක් සේ පිළිගෙන වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයින් දෙදෙනාගේ ඡන්දවලට එකතු කරනු ලබයි. එහි දී 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොමැති නම්, ඉවත් කරන ලද අපේක්‍ෂකයින්ගේ තෙවන මනාපය ගනන් කර යට කී අපේක්‍ෂකයින්ගේ ඡන්දවලට එකතු කරනු ලබයි. එහි දී ඉදිරියෙන්ම සිටින අපේක්‍ෂකයාට ඡනපතිධූරය හිමි වේ.

හිරෝෂන් ලක්ෂාන්




2019-08-22
Advertisement

Find us on Facebook