English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරිමට මහධිකරණයට බලතල දෙන්න - නීතිඥ ප‍්‍රශාන්ත අල්විස්


මූලික අයිතිවාසිකම් කඩවීම් පිලිබද නඩු ගොනු කිරිමට මහධිකරණයට බලතල ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ ප‍්‍රශාන්ත ලාල්ද අල්විස් මහතා පවසයි.

මුලික අයිතිවාසිකම් පිලිබද නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරිමට විශාල මුදලක් වැය වන බැවින් එවැනි නඩු ගොනු කළ හැකි වන්නේ මුදල් ඇති අයට පමණක් බැවින්ද මෙම නඩුව දින 30 ක් තුළ ගොනු කිරිමට ඇවැසි හෙයින්ද මේ පිලිබද බලතල මහධිකරණයට ලබා දීම සුදුසු බව පවසයි.

ජිවත් වීමේ අයිතිය මුලික මිනිස් අයිතිවාසිකම් වල පදනම වන හෙයින් ඒ ගැන කථා කිරිමට සිද්ධ වන බව ඔහු පවසයි..

ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (21) දින කොළඹ නීති විද්‍යාලයේ සිසු සිසුවියන් සංවිධානය කර තිබු උත්සවයකට සහභාගි වෙමින්. එහිදි මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් වල කොතනකවත් ජිවත් වීමේ අයිතිය ගැන නැහැ. 1948 සිට පහුගිය අවුරුදු හැත්තෑව තුළ ශ‍්‍රි ලංකාවේ තරුණයින්ට ජිවත් විමේ අයිතිය අහිමිව ගොස් තියෙනවා. 1971 කරැල්ලෙදී අපේ තරුණයෝ ටයර් සෑ වල යනවා. ඒ වගේම දකුණෙත් කරැල්ලක් ඇති වෙලා සිංහල තරුණයෝ විනාශ වෙලා යනවා. ජිවත් වීමේ අයිතිය කූඹියෙක් මරන ගානට වැටෙනවා. හුග දෙනෙක් කථා කරන්නේ උතුරේ ප‍්‍රශ්නය පමණයි. නමුත් දකුණේ දෙවතාවක්ම අපේ තරුණයින්ගේ ජිවිත අහිමි වෙලා තියෙනවා. කිසිම නීතිමය ක‍්‍රියාදාමයකට නැතුව. උතුරෙත් හමුදාවට සම්බන්ධ අය තොග පිටින් අත්අඩංගුවට අරන් මරලා තියෙනවා එල්.ටී.ටී අය විසින් කිසිම නඩුවක් නොමැතිව. ඒ නිසා දෙපැත්තෙම අය මැරිලා තියෙනවා. මේ වගේ කෙටි කාලයක් තුල තරුණයින්ගේ ජිවිත අවස්ථා තුනකදී විනාශ වු රටක් මේ ලොකේ කොහෙවත් නැහැ.

ජිවත් විමේ අයිතිය මේ රට අපිට අහිමි කරලා තියෙනවා. ඒ නිසා ජිවත් විමේ අයිතිය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආ යුතුමයි. ජිවත් වීමේ අයිතිය ගැන ඉන්දියාවේ වගන්තියක් නැති වුනාට වර්ධනය කරලා, පරිසරය සකස් කරලා තියෙනවා හදිසි අවස්ථාවකදි කටයුතු කරන්න. ඔවුන් සමලිංගික කටයුතු, අනාචාරයේ හැසිරීම් සම්බන්ධ නීති සකසලා තියෙනවා. වයසක අයට, රෝගීන්ට බාධාවක් බැවින් උදේ - සවස ආගමික ස්ථාන වල ශබ්ද වාහීනි යන්ත‍්‍ර භාවිතය තහනම් කරලා තියෙනවා.

ශ‍්‍රි ලංකාවේ මිනිස් අයිතිවාසිකම් තියෙන්නේ මුලික අයිතිවාසිකම් හැටියට. ඒක ක‍්‍රියාත්මක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ලංකාවේම නඩු ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ අනුව එනවා. මෙය එන්න  ඕනේ දවස් තිහක් ඇතුලත. එමෙන්ම එම කෙටි පෙත්සම, දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතී රීති වලට අදාලව සකසා නැතිනම් ප‍්‍රතික්ෂේප කරනවා. නමුත් ඉන්දියාවේ නම් මෙම පෙත්සම තැපැල් පතක යැව්වත් වලංගු වෙනවා. නමුත් ලංකාවේ එසේ කරන්නට බැහැ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට විශාල මුදලක් වැය වෙනවා.

ඒ නිසා මුලික අයිතිවාසිකම් නඩු බොහෝමයක් තියෙන්නේ දේශපාලඥයින්ගේ ඒවා. නැතිනම් පාසල් වලට දරුවන් ඇතුලත් කර නොගැනීමේ ඒවා. එවන් නඩු විනා පොඩි මිනිහට වෙන දේවල් මේ නඩුවල නැහැ. ඒ නිසා අපි දැඩි ලෙස යෝජනා කර සිටිනවා මහධිකරණයට මේ බලතල දෙන්න. ඊළගට ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්න කියලා. එසේ වුවහොත් මෙය ප‍්‍රබල ලෙස මිනිස් අයිතිවාසිකම් ක‍්‍රියාත්මක වන රටක් බවට පත් වෙයි. එහෙම නැතුව මේක නඩු තීන්දු වලින් පිරිච්ච, ඉහළ සමාජයේ කිහිප දෙනෙකුට පමණක් සීමා වෙච්ච මිනිස් අයිතිවාසිකමක් වෙයි.

ශානිකා මාධවී




2019-08-22
Advertisement

Find us on Facebook