English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විශ‍්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් 6000ක් ගෝඨාගේ ජනාධිපතිවරණ සටනට


මෙවර ජනාධිපතිවරණය සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප‍්‍රචාරණ වැඩකටයුතු හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් විශ‍්‍රාම ගොස් සිටින ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහාය ලබා ගැනිමට තිරණය කර ඇති බව වාර්තා වේ.

තම පියා හා සහෝදරවරුන් දේශපාලනයේ ක‍්‍රියාකාරීන් වුවත් ගෝඨාභය රජපක්ෂ යනු ක‍්‍රියාකාරි දේශපාලනයේ යෙදී සිටි තැනැත්තකු නොවේ. ඔහුට අත්දැකීම් හා දැනුම ඇත්තේ හමුදා රාජකාරීන් පිලිබදවය. හිටපු ජනාධිපති මහින්ද රාජජපක්ෂ මහතා ඔහුව එකල ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේද ඒ සදහා සුදුසුම පුද්ගලයා ඔහු බවට මනාව අවබෝධ කර ගත් නිසාය. හමුදා මානසිකත්වයකින් හෙබි ඔහු දන්නේ අණ දීමටය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුදු ඔහුට තෙවරක්ම ජනාධිපතිධුරයේ සිටිමට නීතියේ පවතින බාධා හෙයින් ඔහුට සිදු වුයේ අකමැත්තෙන් වුවද සිය සොහොයුරු ගෝඨාභයව ඉදිරිපත් කිරිමටය. මන්ද ජනාධිපතිධුරය රාජපක්ෂ පරම්පරාවෙන් බැහැරව යනවාට ඔහු කැමැත්තක් දැක්වුයේ නැත. ඒ අනුව ඉකුත් අගොස්තු 11 දා කොළඹදි මහා සමුලූවක් පවත්වමින් සිය පක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙහිදි ගෝඨාභය රජපක්ෂක අපෙක්ෂකයා වුවද පහුගිය දිනවල පැවැත් වු ජනහමුවලදී කැපී පෙනෙන්නා වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඔහු කතරගම පුදබිමට ගියද මුලින් ගමන් කළේ හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිදය. පක්ෂයේ අපේක්ෂකයා වු ගෝඨාභය පිටුපසට වී ගමන් කරනු ඉකුත් දිනවල පළ වු ඡුායාරූප වලින් පෙණුනි. මේ පිලිබද සමාජ මාධ්‍යජාලා වලද විධිධ වදන් සංසරණය වනු දක්නට ලැබුණි.කෙසේ නමුදු තමන්ට වඩා අයියාට පිළිගැනීමක් ඇති බව දැණුනු ගෝඨාභය පසුව ජනරැළි සදහා තනිවම ගමන් කරන්නට උත්සුක වී ඇති බව පෙනේ.

එමෙන්ම, ඔහු කිසි විටකත් පවතින පක්ෂ ව්‍යූහයන් හෝ එහි කි‍්‍රයාකාරීත්වයන් පිළිබදව හෝ තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ විසින් ගොඩනැගු අලූත් පක්ෂ කෙරෙහි හෝ විශ්වාසයක් නොතැබූහ. ඔහු විසින් සංවිධානය කරනු ලැබූ වියත්මග හා එලිය සම්මන්ත‍්‍රණ මාලාව පවා සංවිධානය කරනු ලැබුවේ ද ඔහු හා සම්බන්ධව කටයුතු කරනු ලැබූ විශ‍්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ විසිනි.

මෙවර ජනාධිපතිවරණයේදීත් ඔහු වැඩි විශ්වාසය තබා ඇත්තේ ද ආරක්ෂක අංශ නිලධාරීන් කෙරෙහිය. මේ වන විට දිවයින පුරා සිටින විශ‍්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් සමග සම්බන්ධතා ගොඩනගමින් සිටින අතර, එක් ග‍්‍රාම සේවා කොට්ඨාශයකින් විශ‍්‍රාම ගොස් සිටින පොලීස් හා ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 40 බැගින් සංවිධානගත කිරිමට පියවර ගනිමින් සිටියි.

එමෙන්ම, මෙසේ සංවිධානය කරන විශ‍්‍රාමික හමුදා හා පොලිස් නිලධාරීන් මෙම මස අග දී කොළඹට ගෙන්වා මහා සමුලූවක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සදහා 6000 ක් පමණ සහභාගි වෙතැයි බලාපෙරොත්තුවෙන් වන බවත් වාර්තා වේ.

මෙසේ විශ‍්‍රාමික නිලධාරීන් යොදා ගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ කටයුතු පවත්වා ගෙන යාමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින්නේ ඔහු තවමත් හමුදා පාලනය, හමුදා විනය ට දැඩි ලෙස කැමැත්තකින් පසු වන නිසා විය හැකිය.

2010 පැවති ජනාධිපතිවරණයේදි හිටපු යුද හමුදාපති පීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වු අවස්ථාවේදි ද එවකට ආණ්ඩු පක්ෂයේ සිටි බොහෝ දෙනාත්, රාජපක්ෂ රෙජීමයට විරුද්ධව කටයුතු කලත්, මධ්‍යස්ථව කටයුතු කළ තැනැත්තන් පවා කියා සිටියේ හමුදාවට නායකත්වය සැපයූ කෙනෙකුට රටක් භාරදීම ඉතාම භායනක කටයුක්තක් බවත්, එහි අතුරු විපාක බුක්ති වීදීමට හැමටම සිදුවන බවත්ය.
 
ශානිකා මාධවී




2019-08-22
Advertisement

Find us on Facebook