English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


UN සාම සාධක කටයුතුවලට දායක වීමට බලපෑමක් විය හැකියි - මිෂෙල් බැච්ලේ


ශ්‍රි ලංකා යුද හමුදාවේ විසි තුන් වෙනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම නිසා එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු  වලට තවදුරටත් දායක වීමට ශ්‍රි ලංකාවට ඇති හැකියාව සම්බන්යෙන් බලපෑමක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැච්ලේ මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉකුත් යුද සමයේදි මානව හිමිකම් හා මානුෂිය නීති දැඩි ලෙස උල්ලංඝනය කළ බවට නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහු යටතේ තිබු හමුදා බලඇණි වලට චෝදනා එල්ල වි තිබියදි ඔහුව හමුදාවේ අණදෙන්නා බවට පත් කිරිම නිසා මානව හිමිකම් කවුන්සිලයේ 30රැ1 යෝජනාවේ සන්දර්භය තුල යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරිම සඳහා වු ශ්‍රි ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ වැටී ඇති බවත් මහ කොමසාරිස්වරිය එකී නිවේදනයේ සඳහන් කර තිබේ.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉකුත් මාර්තු මසදි හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කළ අවස්ථාවේදිද ඇය දැඩි ලෙස කනස්සල්ල පළ කර තිබු අතර මෙවරද ඇගේ කනස්සල පළ කර තිබේ. මීට අමතරව නව යුද හමුදාපතිවරයා ලෙස මොහුව පත් කිරිම පිලිබඳ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයද, යුරෝපා සංගමයෙන්ද කනස්සල පළ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව යුද හමුදාපතිවරයා පත් කිරිම ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවත් විදේශ බලපෑම් හෙළා දකින බවත්ය.

කෙසේ නමුදු ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්‍රාම ලැබිමට තිබුණේ ඉකුත් ජුනි මාසයේදිය. ඉන් අනතුරුව ජේෂ්ඨත්වයේ පිලිවෙල අනුව නව යුදහමුදාපති වීමට තිබුණේ මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේය. නමුත් ශවේන්ද්‍ර සිල්වා මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තිරණය කර තිබුණි. ඒ අනුව ඔහුව හමුදාපති පුටුව තෙක් ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කරන ලදි.

ශානිකා මාධවී

 




2019-08-21
Advertisement

Find us on Facebook