English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය


සමාජ කතාබහට ලක් වු මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කර කෙටුම්පත් සැකසිම සඳහා අද (21) දින කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබේ. අඩු වයසින් විවාහ වීම, විවාහය ලියාපදිංචි කරන ආකරය, දික්කසාද වීම ආදි කරුණු රැසක් සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයින්ගෙන් අදහස් ඉදිරිපත් විය.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරිම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මගින් විධිවිධාන සලසා තිබේ. එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් සහ මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරින්ගෙන් අදහස් පළ වී තිබුනි. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදය හා විවාහ වීමට කැමැත්ත පළ කිරිමට විධිවිධාන ආදි කරුණු සංශෝධනය කරමින් එකී පනත සංශෝධනය කිරිම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරිමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දිම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්.හලීම් මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

ශානිකා මාධවී




2019-08-21
Advertisement

Find us on Facebook