English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහජන මුදල් ගිලදැමූ ආයතන කිහිපයක් හදිසියේ කෝප් කමිටුවට


මහජන මුදල් විශාල වශයෙන් අවභාවීතා වී ඇතැයි චෝදනා ලැබ ඇති මහත් අන්දොලනයට ලක් වු රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් වන ශ්‍රී ලංකා ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා සතොස, ජලසම්පත් මණ්ඩලය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, පරමාණු බලශක්ති අධිකාරිය ඇතුලු ආයතන අටක් කඩිනමින් පොදු ව්‍යාපාර පිළිබදව කාරක සභාව (කෝප්) වෙත කැදවීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ දින (20) ශ්‍රී ලංකා ගුවන් සමාගම මෙම කමිටුව හමුවේ පෙනී සිටි අතර, අද දින (21) සතොස ආයතනය ද හෙට දින (22) ජාතික ජලසම්පත් මණ්ඩලයද මෙම කමිටුවට කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ලබන 23 වන දින හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැප් 3 වන දින මෙම කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය 09 වන දා සිට මෙම කෝප් කමිටු රැස්වීම් මාධ්‍ය වෙත ද විවෘත කිරීමට පියවර ගනු ලැබූ අතර, එය නිලවශයෙන් මාධ්‍ය වෙත විවෘත කිරීම අද (21) දින ගරු කථානායකවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.




2019-08-21
Advertisement

Find us on Facebook