English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ තර්ජන කතාව පරණ නාට්‍යයේම කොටසක්...?


මෙවර ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ තැතක් ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇති බවත් එහෙයින් ඔහුගේ ආරක්ෂාව පිලිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවත් පහුගිය දිනවල මාධ්‍ය වල පළ වී තිබුණි. මේ පිලිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විශේෂ විමර්ශනයක්ද අරඹා ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමට සැලසුම් ඇති බවට මීට පෙරද පැවසුණි. ඒ දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර නැමැත්තාගේ ප්‍රකාශයක් නිසාය. ඒ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදිය. එකල නාමල් කුමාර රටේම චරිතයක් බවට පත් වීමට ඔහු අගොස්තු මාසයේ මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව සමත් විය.
එහිදි ඔහු හෙළි කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කිරිමට එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පාතාලයේ මැරයෙකු හා සම්බන්ධ වී සැලසුම් සකසන බවය.

ඉකුත් සැතැම්බර් මස 12 වෙනි දින සිදු කළ ඒ ප්‍රකාශයෙන් පසුවද ජනාධිතිවරයා වහාම මේ ගැන සෙවිමට ආරක්ෂක අංශ වෙත පවරනු ලැබිය. එහිදි මේ පිලිබඳ නාමල් කුමාර චෝදනා එල්ල කර සිටියේ එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාටය. මුලින්ම ඔහුට චෝදනා කෙරුනේ ඔහු පොලිස් දෙපාර්තමේන්තුව තුලම සිටින උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට උගුල් අටවමින් සිටින බවය. එසේ ඇරඹි නාමල් කුමාරගේ මාධ්‍ය හමු වරින්වර විවිධ ප්‍රදේශ වලදි පැවැත්වුණි. ඒ පැවැත්වු සෑම මාධ්‍ය හමුවකදිම ඔහු සමාජ ආන්දෝලනයකට තුඩු දෙන හෙළිදරව් එකිනෙක කරන්නට විය. රට්ටුන්ටද රටේ සියලු දේ අමතකව නාමල් කුමාර දෙසට අවධානය යොමු කෙරුණේ නිරායාසයෙනි. නාමල් කුමාර මේ අවස්ථා බොහෝම සුක්ෂමව උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත්තේය. එවකට ඩුබායි හි සිටි පාතාල නායකයෙකු වු මාකඳුරේ මධුෂ් සමඟ කිට්ටු සබඳතා පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ඝාතන සැලසුම් සිදු කරන බවට ප්‍රකාශ කළ ඔහු දුරකථන සංවාද ඇතුලත් වීඩියෝ පටද ගණනාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි දුන්නේය. ඇතැම් ඒවාහි සංවාද මැකි ගොස් තිබු හෙයින් අධිකරණ නියෝග ලබා ගෙන ඒවා විදේශයට ගොස් නැවත දත්ත සකසා ගැනිමටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට සිදු විය. එමෙන්ම මේ සම්බ්නධයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර දෙසටද ඇඟිල්ල දිගු වු අතර ඔහුගේ හා නාමල් කුමාරගේ කටහඬ රස පරික්ෂක වෙත යවා පරික්ෂා කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදු විය.

මේ සියලු දේ සිදුවෙද්දි ඉකුත් ඔක්තෝම්බර් මස පැවති රජය පෙරළිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ පිරිස ක්‍රියා කළහ. මෙය කිසිවෙකු බලාපෙරොත්තු නොවු අවස්ථාවක සිදු වුවකි.
ඉන් අනතුරුව නැවත වරක් කරළියේ පෙනී සිටි නාමල් කුමාර ප්‍රකාශ කරන්නට වුයේ තමන් පොදුජන පෙරමුණෙන් දිගාමඩුල්ලට තරඟ කරන බවය. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග නාමල් කුමාරගේ ක්‍රියා කලාපය පිලිබඳ රට්ටුන්ට යම් සැකයක් ඇති වුයේ මොහු රාජපක්ෂලාගේ මල්ලේ සිටින අයෙකුද යන්නය.

කෙසේ නමුදු පොලිස්පතිව අධිකරණයට ගෙනා, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගෙදර යැවු, තවත් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් කල නාමල් කුමාරගේ රංගනය හමාර වුයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනාවරණය කර ගැනිමත් සමඟිනි. ඒ සමග`ම නාමල් කුමාර සමාජයෙන් සැඟවි ගිය චරිතයක් බවට පත් විය.

එහෙත් ඒ වන විට මෙකී විමර්ශන වෙනුවෙන් රටේ විශාල මුදල් වැය වී තිබුණි. මේ සියල්ල මේ රටේ ජනතාවගේ මුදල් බව අප අමතක නොකළ යුතුය. නාමල් කුමාරගේ එම රංගනයෙන් පසුව නිහඬව තිබු රාජපක්ෂලා නැවත මේ කළ එළි බසින්නේ තවත් රංගනයකටය.

පොදුජන පෙරමුණෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිමත් සමඟ ඇතැමුන් කීවේ දැන් ගෝඨාභය මහතාට වැඩි ආරක්ෂාවක් ලබා දිය යුතු බවය. නමුත් එය වැඩි කෙරුණේ නැත. දැන් පැවසෙන්නේ ඔහුට ජිවිත තර්ජන ඇති බව බුද්ධී අංශ මගින් දන්වා ඇති බවය. ඒ අනුව මේ වනවිට පොදුජන පෙරමුණෙන් ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරින් වෙනම කණ්ඩායමක් ආරක්ෂක ඒකකයක් ලෙස ස්ථාපිත කිරිමට තීරණය කර තිබේ.

ඊට අමතරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් මේ පිළිබදව විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව මෙවර රාජපක්ෂලාගේ මෙම රංගනය කෙසේ කොහෙන් නිමාවට පත් වේදැයි රට්ටු බලා සිටින බව නම් නොරහසකි.

ශානිකා මාධවී




2019-08-21
Advertisement

Find us on Facebook