English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජෙයකුමාරි නිදහස් කරනු !!

අතුරුදහන්වුවන් සෙවීීමෙහිලා පෙරමුණේ හිදිිමින් සිය දියණියද කැටුව අතුරුදහන්වු සිිය  පුතුන් සොයන්නට එදා කාලය වැයකළ ධර්මපුරම්  හි  ජෙයකුමාරිිි  අද  බුස්සේ  කඳවුරට  වීී  මුනිවත රකියි. චෝදනා  රහිතව  දිින200ක්  සපුරයි.  ඇය  ගැන  දන්නා  රටෙි පුරවැසියන්  ඇය  වෙනුවෙන්  විිථී  බසියි.  ඇය මෙන්ම, රඳවාගෙන  සිටිින  අනෙකුත්  පුද්ගලයින්  නිදහස්   කරන  ලෙසට ඔවුන්  ආණ්ඩුවට බලකරයි.  

රජයේ ආරක්‍ෂක  අංශ  විිසින් අත්අඩංගුවට ගෙන  චෝදනා රහිතව බුස්සේ කඳවුරේ  රඳවාගෙන  සිටිින  කිළිනොච්චියේ  ධර්මපුරම්  හී  බාලෙන්ද්‍ර‍්‍රන්  ජෙයකුමාරිි මානව  හිමිකම්  ක‍්‍රියාකාරිිිනි,  කඳවුරුගත  වීී  ඊයේ සැප්තැම්බර් 29වෙනිදාට  පුරා  දිින  200ක්  සම්පුර්ණ කළේය. චෝදනා  රහිතව  අත්අඩංගුවේ  පසුවන  ජෙයකුමාරිි  මෙන්ම  අනෙකුත්  දේශපාලන සිරකරුවන්වද  නිදහස්  කරන  ලෙසට ඉල්ලා  සිටිිමිින්  සිවිිල්  සංවිිධාන  නියෝජිතයින්,  විිපක්‍ෂයේ  දේශපාලන  නායකකයින්, කිතුණු  ආගමීීක නායකයින්  ඊයේ (සැප්29)  පස්වරුවේදි  කොටුව  දුුම්රිියපොල ඉදිරිපිට  ඒකරාශි  වෙමිින්  රජයට  බලකර  සිටියේ  මේ වසරේ මාර්තු  මස  13 වෙනිදා ත‍්‍රස්තවාදිි විමර්ශන  ඒකකය  විිසින්  අත්අඩංගුවට  ගනු ලැබු ජෙයකුමාරිිිව නිදහස්  කරන  ලෙසටය.  චෝදනා  රහිතව  තවමත්  රඳවා  ගෙන සිිටින  අනෙකුත්  රැඳෙවියන් නිදහස් කරන ලෙසටය.

මෙරට පවතින ත‍්‍රස්තවාදය  වැළැක්විිමේ පනත  කිසිම අරමුණකින්  යුතුව  ක‍්‍රියාත්මක  වන්නක්  නොවන  බව සඳහන්  කළ  ආචාර්ය පාක්‍යසෝති  සරවනමුත්තු  මහතා,  ජෙයකුමාරිි යම්  වරදක්  කර තිබේනම්,  දඩුුවම්  කිරීීමට  ප‍්‍රමාණවත්  සාක්‍ෂි  තිබේ  නම්,  එසේ්  නොකරන්නේ්   මන්දැයි  පැවසීය. 
මේ  ආකාරයෙන්  පුද්ගලයින්  රඳවාගෙන සිටීම   සම්පුර්ණයෙන්ම නින්දිිත ක‍්‍රියාවක්  බව  පෙන්වා  දෙන  ආචාර්ය  පාකි්‍යසෝති, ඔවුන් අධිිකරණය  ඉදිිරියට යමිින්  හා සාධාරණය  ඉටුනොකර  මේ  ආකාරයෙන්  පුද්ගලයින්  රඳවා  තබාගැනිිම  ජාතික  සමගියට හා  සමගි සන්ධානයට  හාත්පසින් ම  විරුද්ධ  යැයි පෙන්වා  දෙයි.

චෝදනා  රහිතව  අත්අඩංගුවේ  පසුවන  ජෙයකුමාරිිව නිදහස්කරන ලෙසට මොවුන්  එක හඬින් ඉල්ලා සිිටිින විිට, එල්ටීීටීීඊයට පණපොවන දේශද්‍රෙ‍්‍රා්හි ජෙකුමාරිිව  නිදහස්  නොකරන  ලෙසට  රජයට බලකරමින් දේශමාමක  ජාතික  ව්‍යාපාරය  නම්  වු ආණ්ඩුවට  ෙහෙතෂි  සුළු  පිරිිසක් විසින් ද එම  ස්ථානයේදීීම උද්ඝෝෂණයක් දියත්  කළේය.

දෙපිරිිස අතර මහා ගැටුමක් ඇති නොවන්නට වගබලා ගනිමින් පොලිසියේ  සියයක  පමණ පිරිසක් පැමිිණ  දෙපිරිස අතර සිටී බව ද වාර්තා වෙයි.

ජෙයකුමාරි නිදහස් කිරිමෙහිලා බලකර සිටින අන්තර්ජාල පෙත්සමක් ආරම්භකර ඇති අතර පහත දක්වන සම්බන්ධතාවය තුළින් එම පෙත්සමට අත්සන් තැබිමට  හැකියාව ඇත.


 

පිිිංතුර - ලංකා ෆෝකස්
-MMP



2014-09-30
Advertisement

Find us on Facebook