English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පමුණුගම පොලිස් නිලධාරීන් ලයිසන් ගත් මැරයින් ද ?


පමුණුගම පොලිස් නිලධාරීන් ලයිසන් ගත් මැරයින් ද ?

පමුණුගම පදිංචි ඈන් සහෝදරියට පමුණුගම පොලිසිය විසින් සිදු කළ පහර දිම කතොලික සභාවක් ලෙස තරයේ හෙළා දකින බව සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක, නීතීඥ අශොක් ස්ටීවන් පියතුමා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පමුණුගම, ඇලෙන් එගොඩ පදිංචි ධනුෂ්කා ඈන් මධුරංගනී රණවීර නැමැති තිස් තුන් හැවිරිදි එක් දරු මවට පමුණුගම පොලිසියෙන් සිදුකල පහරදීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙම පහර කෑමට ලක් වු කාන්තාව පාරම්පරික දේශීය වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙසද සේවය කරන බව ඇය පවසා සිටියි. ඉකුත් 12 වෙනි දින පමුණුගම පොලිසියේ නිලධාරින් පිරිසක් ඇයගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලු වී ඇයගේ නිදන කාමරයට කඩා වැදුනු බව ඈන් මධුරංගනී මහත්මිය පවසයි. ඇය පිලිබඳ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් නිසා මෙලෙස ඇයගේ නිවස වටලා තිබේ. එහිදී ඇයව, ඇගේ මවව දැඩිලෙස වදහිංසාවට ලක් කරමින් කෲර ලෙස අවමන් සහගතව සලකමින් පමුණුගම පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් පසුද, පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ හා කතෝලික පියතුමෙකු ඉදිරියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ඇයට කුෂන් කරන ලද යකඩ පුටුවකින් පහර දුන් බවද ප්‍රකාශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ (19) පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් අද දින සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වු අවස්ථාවේ වැඩිදුරටත් අශොක් ස්ටීවන් පියතුමා මෙසේද පැවසිය,

ඈන් සහෝදරියට පහර දී තිබුනේ සික්ටස් කුරුකුලසුරිය කියන කතෝලික පියතුමා ඉදිරියේ. එබැවින් මෙම පහරදිම අපි තරයේ හෙළා දකිනවා. පහුගිය කාලයේ පොලීසි වලින් කරන පහරදිම් අඩු වෙලා තිබුණා. මානව හිමිකම් ක්‍රියාධරයින්ගේ මැදිහත් විම මත මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාව මෙන්ම පොලිස් නිලධාරින් දැනුවත් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසට තමා මම දකින්නේ මෙම පහරදිම් අඩු වුණේ .අපි ඒ ගැන පොලිස් දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වන ගමන් මෙන්න මේවගේ සිද්ධීන් තවත් සිදුවිම ගැන මේ රටේ පුරවැසියන් ලෙස කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. පොලිස් නිලධාරින්ගේ ඇති යුතුකම සහ වගකීම තමයි යම්කිසි සැකකරුවෙකු හෝ සැකකාරියක අත්අඩංගුවට අරගෙන පරික්ෂණ සිදුකරලා ඒ සියලු වාර්තා සමගින් පැය විසිහතරක් තුල හෝ පැය හතලිස් අටක් තුල  අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමයි. පොලිස් නිලධාරීන් මෙය දැන සිටියත් ඔවුන් නීතිය අතට අරන් ඔවුන්ට නැති බලයකින් දඬුවම් කරලා තියෙනවා මේ කාන්තාවට. විශේෂයෙන්ම පොලීසිය ඇතුලදිම. ඒ ගැන ඇසින් දුටු සාක්ෂියකුත් තියෙනවා අපේ පියතුමා. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන කටයුතු කරන්න. පොලීසියේ ඇතැම් අය අද හැසිරෙන්නේ එක්තරා විදිහකට ලයිසන් දීපු මැරයන් වගේ. ඔවුන් ඉන්නේ ලයිසන් අරන් ඉන්න මැරයන්ගේ මානසිකත්වයෙන්. මේ දේශපාලන ප්‍රවණතාවය තුල එවන් පුද්ගලයන් බිහිවිමේ ඉඩකඩ වැඩියි.

මෙහිදි අදහස් දැක් වු මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා,

වධහිංසාව කියන එක ලංකාවේ නීතියෙත් ජාත්‍යන්තර නීතිය යටතෙත් සම්පුර්ණයෙන්ම තහනම්. මෙහිදි මෙම සහෝදරිය සිදුකල ප්‍රකාශ වලින් පැහැදිලි වෙනවා පොලිසිය ලැබුණු තොරතුරක් මත ඇයගේ නිවස සෝදිසි කරන්න ඇවිත් තියෙනවා. නමුත් සැක කටයුතු කිසිම දෙයක් හමුවෙලා නැහැ. එහෙම සෝදිසියක් හරියට කළාද කියලවත් පැහැදිලි නැහැ. පැහැදිලි වෙලා තියෙන්නේ පොලිසිය සෝදිසිය කරනවට වඩා ඈන් සහෝදරියට වධහිංසා කරමින් කෲර ලෙස අමානුෂික ලෙස සලකා ඇති බවයි. පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේම ඇයට අමානුෂික ලෙස පහරදිම තුලින් වැටහෙනවා ඔහු මේ පිලිබඳ දැනුවත්ව සිටි බව. තමන්ගේ පොලීසිය තුල සිදුවන සියලු කාර්යයන් වලට වගකීමට පොලිස් ස්ථානාධිපතිවරයා බැඳි සිටිනවා. පොලිසියට පැමිණෙන සියලුදෙනාට ගෞවරනිය විදිහට සැලකීමේ වගකීම තියෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාට. ඔහුට මෙයින් ගැලවීමට බැහැ. ඔහු මේ වගකීම පැහැර හැර තිබෙනවා. එමෙන්ම මෙවන් සිදුවිමකින් පසුව වින්දිතයව, සාක්ෂිකරුවන්ව  ආරක්ෂා කිරිමට පොලීසිය බැඳි සිටිනවා. මිට පෙර යුක්තිය සොයා යන වින්දිතයන්ට නැවත නැවත වධහිංසා කරලා තියෙනවා. මරලා දාලා තියෙනවා කියලා අපි දන්නවා. නමුත් මෙම ඈන් සොහොයුරිය වින්දිතයෙක් ලෙස නැවත වරක් නිවසටසට සිදු වු පහරදිමෙන් වධහිංසාවට ලක්වෙලා තියෙනවා. ඒ වගේම ඇයව බලන්න පැමිණි පියතුමාත් මේ නිසා අපහසුතාවයට පත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් කිරීමට ඉහළ පොලිස් නිලධාරින්ට වගකීමක් තියෙනවා. මේ පරික්ෂණ කඩිනම් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙහිදි අදහස් දැක්වු පුරවැසි සංවිධාන නියෝජනය කරන චමීර පෙරේරා මහතා,

මේ මාධ්‍යවේදිනිය ආරක්ෂා කරන්න කිසිම මාධ්‍ය සංගමයක් අද නියෝජනය වෙලා නැහැ. මීට අවුරුදු පහකට කලින් උපාලි තෙන්නකෝන්ලට මෙහෙම තමා පටන් ගත්තේ. කවුරුත් හිටියේ නැහැ. අන්තිමට ඉවර වුනේ ලසන්ත වික්‍රමතුංගගෙන්. ඒ නිසා මැයට ආරක්ෂාව දෙන්න කලින් ඇගේ කථාව වාර්තාකර සිටින්න. මේ සහෝදරිය විස්තර කල ආකාරයට මේ ක්‍රියාව පොලීසිය හැසිරෙන විදිහ නම් නෙමේ. පාතාල නායකයන් හැසිරෙන විදිහක් ඒක. පමුණුගම පොලීසියක් තියෙනවද? පාතාල කණ්ඩායමක් තියෙනවද? කියලා දන්නේ නැහැ. මේ එස් අයි පෙරේරා කියන මනුස්සයා මම හිතන ආකාරයට එස් අයි කාරයෙක් නෙමේ. අයි ආර් සී කාරයෙක්. අපි ඉල්ලා සිටින්නේ මේ සහෝදරියට අනුකම්පා කරන්න අවශ්‍ය නැහැ. සාධාරණයක් ඉටු කරන්න කියලයි.





2019-08-21
Advertisement

Find us on Facebook